ඡන්දේ ලංවෙද්දි පෙරියමුල්ලේ පාරවල් හදන්න ෆරිස්ට මතක් වෙයි?

0
73

FB_IMG_1581063300802මේ දිනවල මිගමුවේ ඇතැම් මන්ත්‍රීවරු මුහුණු පොතේ මාධ්‍ය සංදර්ශන ආරම්භ කර තිබේ එහි නවතම සංදර්ශනකරුවා වන්නේ මිගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරය නමට පමණක් හොබවන ෆරිස්ය.ඔහු දැන් මහත් උද්යෝගයෙන් පාරවල් හදන්න පටන් ගෙනය.ඒවා ාෆාටෝ ගසා මුහුණ පොතටද මුදාහරමින් තිබේ.ඒ පින්තුර වල ෆරිස් හිටියද අපට පෙනෙන්නේ නිමල්  ලංසා හිටගෙන ඉන්නවා සේය.මන්ද මේ දිනවල නිමල් ලංසාව මුස්ලිම් ජනයා අතර අතින් අල්ලාගෙන ගෙන යන එකම නියෝජිතයා බවට පත්ව ඇත්තේ ෆරිස්ය.ලංසා පවුල ෆරිස්වලාව ලංකරගන්නේ නිමල් ලංසාට ඡන්ද එක දෙක හෝ ⁣එකතු කරගැනිමට මිස වෙනත් කිසිදේකට නොවේ.FB_IMG_1581063323690අඩුමතරමින් නගරාධිපති දයාන් ලංසා විදෙස් ගතවෙද්දි වැඩබලන නගරාධිපතිධුරය පවා ෆරිස්ට ලබාදිමට ලංසලා කිසිදිනක කටයුතු කර නැත.ඒ තරම් මස්තබාල්දු කර ඇති ෆරිස්ව දැන් අලෙවි කළ නොහැකි භාණ්ඩයක් රැගෙන මුස්ලිම් ප්‍රජාව වටේ කැ⁣රකෙන්නට පටන් ගෙනය.ඉන් ෆරිස්ට ඇති.එකම වාසිය නම් මහජන බදුමුදල් වලින් තව තවත් පාරවල් කාණු බැද ගැනිමටත් ඒ ඒ තැන්වලින් වාසිගැනිමත් පමණය.ෆරිස් ඒවාටද හරිම කැමැතිය.ෆරිස්ගේ මේ වැඩගැන මුස්ලිම් බහුතරයක් දිනා කියන කතා ගැනද ෆරිස් නොදන්නවා නොවේ.විකුණන්න ගෙන යන බඩුව විකුණන ගන්න බැරිබව දැන සිටියද දවස අවසානයේ ලැබෙන කොමිස් මුදලින් සතුටු වන වෙළෙන්දෝද සිටිති.