ඡායාරූප ශිල්පි චින්තක අබේරත්න සහ බල්ලෙක් ??

0
64

https://www.facebook.com/chinthaka.abeyratne චින්තක අබේරත්න පිළිබද වැඩිවිස්තර සහ ඔහු විසින්ම ගන්නා ලද ඔහුගේ දෙස් විදේස් ඡායරූප එකතුවක් සදහා පිවිසෙන්න.

”ඔඩෙල් මුදලාලි හාමිනේ කියනව මේ අවුරුද්දදෙ ගිණිකෙළි වලට සල්ලි වියදම් කරන්න එපාලු. බල්ලො බය නිසා.

ඒ මුදලිනුත් අලුත් ඇඳුම් ගනිමුද… නැතිනම් කොහොමටවත් ඇඳුම් වලට මුදල් නාස්ති නොකර මේ අවුරුද්දේ ඒ සල්ලි වලින් පාරෙ ඉන්න බල්ලො ගෙනත් හදමුද?

රෙදි කඩ වල මිනිස්සු පොරකන විදිහ දැක්කම හිතෙන්නෙ සිංහල අවුරුද්ද කියන්නෙ රෙදි වෙළඳාමට කියන වෙනත් නමක්ද කියලා…!”

ඉහත සටහන ලියල තිබුනේ චින්තක අබේරත්න කියන වෘත්තිය ජායාරූප ශිල්පියෙක් ලෙසින් හදුන්වනු ලබන කෙනෙක් එයාගේ FB එකේ.
පස්සේ මේ ගැන ලොකු සංවාදයක් ගියා විවිධ අය මේ ගැන කමෙන්ට් දැම්මා. බල්ලට ශද්දේ හින්ද  දැනෙන අපහසුව ගැන සංවේදි වුණ ප්‍රබුද්ධයෝ ගොඩාක් මේ අතර උන්නා.
මැච් එක දිනපු දවස්වල බල්ලෝ මොන දුකක් වින්දද කියල දන්නේ ගෙදර හරි පාරේ හරි ඉන්න බල්ලෝ ගැන සංවේදිව බලන්න පුළුවන් වුන අයට විතරයි.

එහෙම ගන්න කොට ඔඩේල් හිමිකාරිය දාපු ඇඩ් එකෙන් මතු කරන්නේ හරිම සංවේදි කරුණක්.ඒක ලොකු බිස්නස් ආයතනයක් වුනත් මතුකරන ප්‍රචාරක උපක්‍රමයක් නිසා දැම්මත් මතුකරන්නේ සංවේදි දෙයක්.
චින්නකගේ ඉහත සටහනේදි බල්ලන්ගේ විදිවිල්ල ජෝක් කරනවා.මේක  ගැන කිසිදු සංවේදි කමක් නොදක්වපු චින්තක අබේරත්න දිගින් දිගටම ඔඩේල් එකත් එක්ක තියෙන  පරණ ඇරියස් එකක් බේරගන්නද මන්ද FB එකේ ප්‍රචාරණය ගැන ලොකු කථා තොගයක් ගෙනත් බානවා
මෙතන හරිම වැදගත් එක දෙයක් තියෙනවා.
අපි චින්තකගේ FB එකේ රවුමක් ගැහැව්වොත් දකින්නේ එයා හරිම සංවේදි ඒ විතරක් නෙමෙයි කලාකරුවෝ ලගින්ම ඇසුර කරන අනිත් අයගේ සංවේදි මොහොතවල් ගැන හරිම සංවේදිව හැඟුම්බරවෙලා ඉන්න කෙනෙක් විදියට…
මෙහෙම අය අපිට මේ සමාජෙදි හරියට හම්බවෙනව.බුදු කලාකාමියෝ සංවේදි හදවත් ඇත්තෝ .රැස් විහිදෙන බුද බණ…
හැබැයි බල්ලෙක් ඉස්සරහ  ලිට්මස් ටෙස්ට් එකෙදි බලු වෙනවා හරියටම චින්තක වගේ.

dog add