ජඩමාධ්‍ය භාවිතයට එරෙහිව කෙලින් කතාකළ අනිල් ජාසිංහ⁣ට මල්මිටක්!

0
310

FB_IMG_1585875607564පවතින වසංගත තත්වයට වඩා එහා ගිය භීෂණයක් රටේ මවමින් තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාර හා මීඩියා රේටිංග්ස් වෙනුවෙන්, පුරවැසි ඔලුවල වෛරසය පතුරන දේසපාලන තක්කඩියන් හා ජඩමාධ්‍ය හිඟන්නන්ට මෙසේ හෝ පිළිතුරු දීමට ඇති කශේරුකාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට ස්තූතිය පලකළ යුතුය.
මේ මල් මිට ඔහුටය !

————-

වසංගත තත්වය පිළිබඳව වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිර්දේශ පහත දැක්වේ.

1. සෑමවිටම කෝවිඩ් 19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිත කරන්න.

2. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්/ රෝගීන් සහ මරන වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.

3. වයිරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වළකින්න.

4. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.

5. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් හා රෝගීන්ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.

6. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර භාවිතය යෝග්‍යය.

7. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.

8. මෙම කෝවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබාදෙන්න.

FB_IMG_1585875216272(චමල් අකලංකගේ මුහුණු පොතිනි)

#covid19 #coronainfosl

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here