ජනතාව නියගයෙන් පීඩාවට පත්වූ වෙලාවක එය දේශපාලනය සදහා යොදාගැනීම සුදුසු නැත – විශේෂඥ වෛද්‍ය සුද්ර්ශණී ප්‍රනාන්දුපුල්ලේ

0
250

සුදර්ශ

තමා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරිය වීම නිසා කටාන ආසනයේ නියඟයෙන් පීඩාවට පත් ජනතාවට නොමිලේ පානීය ජලය සැපයීමට හැකියාව ලැබුණු බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
කටාන ශ්‍රි.ල.නි.ප මධ්‍ය බලමණ්ඩල රැස්වීමට (2017.03.26 ) එක් වෙමින් ඇය වැඩිදුරටත් සදහන් කළේ ජල සම්පාදන මණ්ඩලයට ජලය සැපයීම වෙනුවෙන් යම් මුදලක් දැරීමට සිදු වන නමුත් තමාගේ ඉල්ලීම පරිදි පිරිසිදු කළ පානීය ජලය සැපයීමට මණ්ඩලය පියවර ගත් බවයි.ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය,ශ්‍රි ලංකා ගුවන් හමුදාව,ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම,ශ්‍රි ලංකා අයෝජන මණ්ඩලය වැනි ප්‍රදේශයේ ආයතන වල සහය ලබා ගනිමින් ජල බවුසර් යොදා ගෙන ජලය සැපයීම සිදු කිරීමට හැකියාව ලැබී තියෙන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලාය.

නල මගින් ජලය ලබා ගන්නා පාරිභෝගිකයින්ටද එම ජල මූලාශ්‍ර වලට ලවණ මිශ්‍ර වීම නිසා ජල ටැංකි ලබා දී ජලය සැපයීමට සිදු වූ අතර මෙවැනි පසුබිමක් තිබියදීත් ඇතැම් දේශපාලනඥයින් ජනතාව අතර වැරදි මත ප්‍රචාරය කරන්නට උත්සහ කරන බවත්. එවැනි ප්‍රකාශ කරන දේශපාලනඥයින්ගේ ප්‍රදේශ වලට සහ ඔවුන් බෙදා හරින ජලය ලබා දීම සිදු කරන්නෙත් ජල සම්පාදන මණ්ඩලයෙන් බවත්,ඒ තමන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරිය වීම නිසා බවද ඇය එම අවස්ථාවේදී සිහිපත් කලාය.

ගංගා වල වැලි ගොඩ දැමීම නිසා ජල මූලාශ්‍ර වලට ලවණ එකතු වීමට වගකිව යුතු දේශපාලනඥයින් නියඟය ගැන කතා කරනවා.පරිසරය විනාශ කරපු ඔවුන් මෙවැනි ප්‍රකාශ කිරීම හස්‍යජනකයි.නම යෙදූ ස්ටිකර් ජල ටැංකි වල හා ජල බවුසර් වල අලවගෙන ප්‍රචාරය සඳහා ජලය බෙදා හරින්න මට උවමනා නෑ. කටාන ආසනයේ ජනතාවගේ පානීය ජල ගැටළුව විසදීම තමයි අමාත්‍යවරිය විදිහට මගේ එකම බලාපොරොත්තුව. ඒ සඳහා ප්‍රචාරයක් නොලැබුනාට කමක් නෑ.මම අනුගමනය කරන්නේ ජෙයරාජ් මැතිතුමාගේ දේශපාලන දර්ශනය බව පැවසූ රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සදහන් කලේ තවත් සමහරෙක් සෙනඟ 10ක් 15ක් එකතු කරගෙන මීගමුවේ ජලය කටානට ලබා දෙන බව පවසමින් උද්ඝෝෂණය කරමින් ජනතාව නොමග යවන බවයි.මිගමුවට ජලය සපයන්නේ කටාන ආසනයේ බම්බුකුලිය ප්‍රදේශයෙන් මීගමුවට ලබා දෙන අතිරික්ත ජලය කටානේ මීගමුව ආසන්න අක්කරපනහ ප්‍රදේශයට ලබා දෙන බවත් නියඟයක් ඇති වුන අවස්ථාවක යම් ප්‍රදේශයක තිබෙන අතිරික්ත ජලය වෙනත් ප්‍රදේශයකට ලබා දීමේ ගැටළුවක් ඇතැයි ඇය නොසිතන බවත් අමාත්‍යවරිය පවසා සිටියාය.
ඉදිරි වසර කිහිපය ඇතුලත කටාන ආසනයේ පානීය ජල ගැටළුව තිබෙන වසම් 45ටම ජලය ලබා දීමට කටයුතු කරන බවට අමාත්‍යවරිය  පොරොන්දු වූවාය.

සුදර්ශණී 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here