ජනතාව පීඩාවට ලක් කරන උප්පැන්න සහතික අර්බුදය

0
284

4

මීගමුව , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උප්පැන්න ⁣ලියාපදිංචි කරන අංශයේ දිගු පෝලිම ක් දක්නට ඇත.
එමෙන්ම තැනින් තැන ඉඳගෙන සහ හිටගෙන තම වාරය එනතෙක් බලාසිටින අතර සමහර අය බලාපොරොත්තු කඩවී ආපසු හැරී යන අවස්ථාද ඇත .මේ අනුව උප්පැන්න සහතික වල විවිධ අඩුපාඩු නිවැරදි කර ගැනීමට දරන උත්සාහය නිසා තදබදයක් සේම දිගු පෝලිමක් නිර්මාණය වී ඇත.
දරුවෙකු පිළිසිඳ ගත් අවස්ථාවේ භාරකරුවන් විසින් ලියාදෙන නම හෝ වෙලාව වරද්දා ලිවීම නිසා හෝ ස්පිලි,පාපිලි, ඇලපිලි අාදියත් වෙනත් එවැනි ගැටළු මත උප්පැන්න සහතික පිළිබඳ ගැටළු මතුවිය හැක.
මෙම උප්පැන්න සහතික ප්‍රශ්ණය නිසා විශාල පිරිසක් පීඩාවට ලක් වන්නේ අනවබෝධය නිසාය . එසේම සිංහල භාෂාවෙන් කටයුතු කළ නොහැකි වෙනත් ජාතිකයන්ට අනුව මෙය තවත් ගැටළු සහගතය.
පවතින අර්බුදය සමහර විට මුදල්මය ගනුදෙනුවක් බවට පත්වන අවස්ථා ගැනද අසන්නට ලැබේ.
කෙසේ නමුත් පාසැල් දරුවන් සඳහා මාස 6ක් ඇතුලත ගත් උප්පැන්න සහතික පමණක් වලංගු වන බවට ඇති නීතිමය කොන්දේසිය නිසා ඉහතකී පෝලිම දිගුවීමට එක ගැන හේතුවක් වී ඇත.
උප්පැන්න සහතික යේ සත්‍යතාව තහවුරු කර ගැනීමට මෙම කොන්දේසිය ක්‍රියාත්මක කරන නමුත් , එය නිවැරදි නොවන බව කිවයුතුය .
මෙහිදී මාස 6 කොන්දේසිය කෙසේ වුවද අදාල තත්වය අවබෝධ කරගනිමින් ජනතාව වෙනුවෙන් ඉක්මනින් සේවාව ඉටු කරදී රාජකාරිය පහසු කර ගැනීමට නිලධාරීන් සමත්විය යුතුය .
සමහර අය පිට පළාතක සිට පැමිණ තම අදාල කටයුත්ත ඉටුකරගැනීමට නොහැකි වුවහොත් වන්නේ අසාධාරණයකි. එබැවින් මෙය වගකිවයුතු අය නිවැරදිව අවබෝධ කර ගතයුතු ප්‍රශ්ණයක් බව කිවයුතුය.3 2 1