ජනතාව වෙනුවෙන් අනතුරු මවන මාර්ග සංවර්ධනය….

0
135

IMG_20201112_130352IMG_20201112_130347

( 6.00 am ) මෙම පින්තූරවල තිබෙන අඩක් වසන ලද වල සහ කළු ගල් කැබලි සහිත මං තීරුව ඇත්තේ දිවුල පිටිය පාරේ ඇවෙන්ඩ්‍රා ආයතනය ආසන්නයේය. නිතර සෙනඟ යන එන ස්ථානයක් වන බැවින් , මෙකී වල අනතුරකට අත වනන තැනකි. එබැවින් මා එ් පිළිබඳව විමසා බැලූ කළ එහි දක්නට තිබුනේ ජල මීටරයකි. මීටරය බලා ගැනීමේ පහසුව සඳහා මෙසේ විවෘතව තබා ඇතැයි අවට සිටින අය පැවසූහ. ඔවුන්ගේ පහසුව රැකෙන නමුත් මින් අනතුරක් සිදුවීමට හේතු වන තත්වයක් නිර්මාණය වී ඇතිනිසා අදාල බලධාරීන්ට තම වගකීමෙන් බැහැර විය නොහැක.
එසේම දිවුලපිටිය පාරේ මෙම ස්ථානයේ පසුගිය කාලය පුරාම නිතර කානු හාරමින් , ඒවා නැවත වසා දමා ගල් අතුරමින් මාර්ග සංවර්ධනය සඳහා කටයුතු කරනු පෙනින. මේ සඳහා ගත් කාලය විශාල එකකි. නමුත් තවමත් අවසානයක් දක්නට නැත. දැන් එම මංතීරුවේ කළු ගල් කැබලි විසිරී යන එන වාහන වලට බාධාකාරී ලෙස සකස් වී ඇත. චීන ජාතික මහත්වරු සහ අපේ රටේ මහත් වරු මැදිහත්වී වුවද මෙහි කටයුතු අවසන් නොවීම ගැටළුවකි. නිසි කලමණාකරණයකින් තොර මෙවැනි මාර්ග සංවර්ධන කටයුතු
නිසා පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. එබැවින් මේවා ගැන නිසි වගකීමකින් යුතුව මෙහි කටයුතු අවසන් කරන ලෙසත්, ඉහත කී වල සඳහා ආරක්ෂිත පියවරක් ගන්නා ලෙසත් , අදාල බලධාරීන්ට අපි අවධාරණය කොට කියා සිටින්නෙමු.

සැම්සන් ඥානසිරි