ජනතාවට කුඩු වෙනුවට කිරි විකුණන මීගමුවේ ජවිපෙ නායකයෝ..

0
345

gamini jvpnewIMG_20200721_123728පුංචි රෝමය යැයි කියා අප උදම්ඇනුවද ,හැම හංදියක් ගානේම සුරුවම් තිබුණද ලංකාවේ දුෂිතයන් වංචාකාරයන් දේශපාලකයන් බවට පත්ව ඒ දුෂිත පවුලකට නතුවු ලංකාවේ ප්‍රධානම නගර වන්නේද මීගමුවයි.අප දන්නා තරමින් රැකියාවක් යැයි කියා මෙලෝ දෙයක් නොකල අයියා මලෝ දෙන්නෙක් අද මිගමුවේ ප්‍රකෝටිපතියන් බවට පත්ව තිබේ.පවුල් පසුබිමෙන් ගත්තද පාපැදියෙන් ගමන් ගිය,එදා රබර් සෙරප්පු පැළඳු ඔවුන් අද ටයිකෝට්කාරයන් බවට පත්ව ඇත.මේ අයගේ නම් ඉදිරියේ ඇත්තේ රටම දන්නා විශේෂණ පදය.ඉන් ගැලවිමට රුපියල් කෝටි ගණනින් මුදල් වැය කොට ලස්සන පින්තූර ෆේස්බුක් පිටුවලට ඔබා බුකි සංදර්ශන පැවැත්වුවද නොහැකිව ඇත.මෙවැනි ජාවාරම්කරුවන් සිටින මීගමුවට දේශපාලන අනාගතයක් ගැන සිතිය හැක්කේ සමාන්‍ය ජනයාගේ දුක සැපද හඳුනන පොළවේ පය ගසා සිටින අවංක දේශපාලන චරිත සහතික ඇති දේශපාලකයන් සහිත දේශපාලන සංස්කෘතිකයක් මීගමුවේ ගොඩනැගෙන්නේ නම් පමණි.එබැවින් එවන් චරිත අප විවිධ දේශපාලන පක්ෂ තුලින් හෝ හොයාගත යුතුව තිබේ.මීගමු ඇතැම් දේශපාලකයන්ට කුඩු විකුණනවා යැයි රටක්ම චෝදනා කරද්දි මීගමුවේ ජවිපෙ නගාරික මන්ත්‍රීලා අතර සිටින නායකයා දිනපතා සිය තැපැල් නයින්ටියේ ගොස් ගම් ගානේ කිරි විකුණයි.ශුද්ධවු භූමියක් වු මීගමුව අද වන විට අශුද්ධ පවුලකට නතුව නරකාදියක් බවට පත්ව තිබේ.මේ නරකාදිය කරා ගිය ගමනට කමකට නැති ඇතැම් ආගමික නායකයන්ද සැබැවින්ම වගකිව යුතුය.කළු සල්ලි වලින් දෙව්මවුන්ගේ ප්‍රතිමා නගරය මැද තියන්නට තරම් දීනවු පුජකයෝද වෙති.දැන් අඳුරට ශාප කර කර සිටිම නිෂ්පලය.වෙනසකට මුල පිරිය යුතුව ඇත.කළු සල්ලි පාලනයෙන් මීගමුව මුදවා ගතයුතුව ඇත.ඒ සඳහා ඇති හොඳම අවස්ථාව මෙය බව මීගමුවේ බුද්ධිමත් ජනයා කල්පනා කරන්නේ නම් වෙනස ඇරඹෙන්නේ එතැනිනි.