ජනතාවට සෙවන දෙන ග්‍රීන් පාක් එකේ ගහ කපන්නද සූදානම ?

0
374

tree 1tree 2

මීගමුවේ ග්‍රීන් පාක් බිමේ යන එන මගීන්ට සෙවනක් ලබාදීම සඳහා ඇත්තේ එක ගසකි. මීට පෙර එසේ සෙවන ලබාදුන් ගස් කපා දැමීම නිසා නගරය කාන්තාරයක් සේ දිස්වෙයි.
දහවල ඇති දැඩි හිරු රශ්මිය නිසා ඇතිවන්නේ ඉවසාගත නොහැකි තත්වයකි . ඒනිසා මෙය නගරයට ඇති පොදු සම්පතක් බව කිවයුතුය .
මේවනවිට පාර පළල් කිරීම අරමුණු කර ගනිමින් මෙහි ස්ථාන සළකුණු කර ඇත .
කොන්ක්‍රීට් කනු සිටුවා ඇත .කිරි නුග ගහක් යැයි කියැවෙන් මේ ගසේ ඇති ප්‍රයෝජන දන්නා අය නිතර පැමිණ එහි පොතු විවිධ බෙහෙත් වෙනුවෙන් ගෙන යන බවද පැවසේ /
නමුත් එම මාර්ග සංවර්ධනයේදී මෙම ස්ථානයේ ඇති ඉහතකී ගස ආරක්ෂා කරගතහැකි නම් එය වැදගත් සේවාවක් බව ජනතාව ඉදිරිපත් කරන අදහස් අනුව පැහැදිළිවේ.