ජනපතිගේ තේරිම !සිවිල් නිලධාරින් වෙනුවට හමුදා නිලධාරින් ?

0
108

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්කරන වෙළඳපොළ  අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකරගැනීමටත් හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රිලංකා බ්‍රිෆ් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත්  පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එම්. ඩී.එස්. පී. නිවුන්හැල්ල මහතා පත් කර ඇත.
මෙම පත්කිරිම තුලින්ද රටට පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් සිවිල් නිලධාරින්ට වඩා මිලිටරි නිලධාරින් ගැන රටේ ජනාධිපතිවරයාගේ කැමැත්ත පිළිබදවය.
සිවිල් පරිපාලනය වෙනුවට මිලිටරි පරිපාලනයක් රටතුල ස්ථාපිත වෙමින් ඇති බවට මේ වන විට චෝදනා රැසක් එල්ල වි තිබේ.