ජනපතිවරණයේදි මුදල් වංචා කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප දේශපාලකයන් කව්ද ?

0
60

appuපසුගිය ජනපතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසන 5 න් යන්තම් ජයගත්තේ පුත්තලම පමණි. ඒ ද මුස්ලිම් ජනයාට පින්සිදුවන්නටය.රටපුරා දැවැන්ත ආණ්ඩු විරෝධි රැල්ලක් මතුව තිබියදිත් පුත්තලම් දිස්ත්‍රික්කය මෙවන් පසුබැමකට ලක්වන්නේ එහි ක්‍රියාත්මක එජාප දේශපාලකයන්ගේ ඇල්මැරණ ගතිය නිසා බවට බරපතල චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික් නායකයා යැයි කියන ඇමති ධුරයක්ද හෙබි නිරෝෂන්  පෙරෙරා යනු ඇත්තටම සැගවුණු අමුත්තෙකි.ඔහුගේ දිස්ත්‍රික්කයට ලැබුණ කිසිදු දේශපාලන නායකත්වයක් නැතැයි ක්‍රියාකාරි පාක්ෂිකයෝ කියති.
මේ අතර පසුගිය කාලය තුල මේ දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලකයන් සිතා සිටියේ මහින්ද රාජපක්ෂ කෙසේ හෝ යළි බලයට එතැයි කියාය.
මේ නිසා ඔවුන් ක්‍රියාකාරි මැදිහත්විමක් නොකර කර  තිබුණි.මේ අතර ඇතැම් දේශපාලකයන් විසින් මැතිවරණ වැඩවලට යැයි කියා විවිධ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන ඒවා මැතිවරණය වැඩවලට වැය කරනවා වෙනවෙට තමන්ගේ පුද්ගලකි බුදල් බවට පත්කරගෙන ඇතැයි චෝදනා එල්ලවෙමින් තිබේ.
විශේෂයෙන්ම රා කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන ඇති නාත්තන්ඩියේ ආසනයේ ඇතැම් දේශපාලකයන් මේ මුදල් තමන්ගේ සන්තකයට ගෙන යටිමඩි ගසා ඇතැයි බරපතල චෝදනාවක් ඒ ආසනයේ ක්‍රියාකාරි පාක්ෂිකයන්ගෙන් දැන් එල්ලවන්නට පටන් ගෙන තිබේ.
2010 ජනපතිවරණයේදි මෙැවැනි චෝදනාවක් මේ එක් දේශපාලකයෙකු හට එල්ල වුයේ ජනපතිවරණයට යැයි කියා  ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගෙන් එකතු කර ගත් මුදල් යටිමඩි ගැසිමක් ගැනය.
මේ පිළිබදව එක්තරා ප්‍රසිද්ධ සභාවකදි එවකට පක්ෂයේ සභාපතිවරයා විසින්ද ප්‍රශ්ණ කරන්නට යෙදුන බවද සැලය.
කෙසේ වෙතත් මේ පසුබිම තුල පුත්තලම් දිස්ත්‍රික්කය තුල එළඹෙන මහාමැතිවරණයේදි එජාප පාක්ෂියකයන් ක්‍රියාකාරිත්වයකට ගෙන ඒමෙදි මේවා ගැටළු සහගත ප්‍රධාන ප්‍රශ්ණ බවට පත්ව ඇතැයි මීපුර අමතා පවසා සිටි මහවැව ප්‍රදේශයේ ක්‍රියාකාරියකයෙකු සදහන් කර සිටියේය.
මේ දුෂිත දේශපාලකයන් ගැන ඉදිරියේදි නායකත්වය මෙන්ම දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරිමට කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.එසේ  කරන්නේ  මහමැතිවරණයට වඩාත් අවංක බුද්ධිමත් දේශපාලකයන් ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් බවද ඔහු වැඩිදුරත් අවධාරනය කර සිටියේය.