ජනවාරි 09 වෙනිදා ක්‍රියාත්මක වුනේ හමුදා කුමන්ත්‍රණයක් නොවේ! හඳුන්නෙත්ති

0
78
IMG_1910විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ගේ ගැටලු මැති සභේ හඩක් නැගීම පිනිස ඉතාලීයේ මෙසීනා නගරයේ  පැවැත්වූ රැස්වීමේදි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේත්ති මහතා පවසා සිටියේ  ජනවාරී 09 දින අලුයම සිදු වූ කුමන්ත්‍රණය හමූදා කුමන්ත්‍රණයක් නොව ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවයි.මේ සඳහා 08 වෙනිදා සිට හමුදාව ස්ථානගත කරමින් 09 දින ඇතිවිය හැකි විරෝධතා මැඩලීමට සුදානම් වූ බවයි.
 “මහින්ද රාජපක්ෂ මහත්තයා ජන්දය පැරදුනාම එදින හිමිදිරියේම වාහනය අරගෙන අත වනලා ආයුබෝවන් කියලා යනවා තමා අපි ටීවී එකේ දැක්කේ. ඒක ඇත්ත නෙමේ .ඒදා රාත්‍රීයේ  සෑම ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථායකටම එක්කෙනා බැගින් තමන්ගේ නියෝජිතයෙක් තියලා තිබුනා දුරකථනයක් දීලා. ඒ නියෝජිතයා හරහ එයාලා දැනගත්තා ඡන්ද ප්‍රතිඵල. රෑ 12 , 1  වෙද්දී එයාලා දැනගත්තා මහින්ද මහත්තයා පරාදයි කියලා.ඉන්පසු   නීතීපතිවරයා කැදෙව්වා.අග්‍රවිනිශ්චයකාරයත් අරලිය ගහ මන්දිරයේ .තවත් දේශපාලඥයිනුත් එක්තු වෙලා එයාලා තීරණය කරන්න හැදුවේ හමුදා කුමන්ත්‍රණයක් නොවේ. කලින් මහින්ද රාජපක්ශ මහත්තයා අතඇරපු අවුරුදු දෙක නැවත බලයේ ඉන්න උත්සහ කලේ. නීතීපති හරහා නීතී තර්කයක් හදාගෙන අග්‍රවිනිෂ්චකාරයා හරහා එය සහතික කරගෙන මැතිවරණ කොමසාරිස්වරයා හරහා එයා ප්‍රකාශයට පත් කරන්නයි හැදුවේ.”