ජනවාරියේ මීගමුවේ ඩෙංගු රෝගින් 262 ක්

0
53

මීගමුව සහ අවට නගරවල පසුගිය කාලයේ පැවැති ඩෙංගු වැලැක්විමේ සංදර්ශන දැන් යම්පමණකට නැවති ඇති බවකි.මරාන්තික ඩෙංගු රෝගය ඩිජිටල් බැනර් වලින් පාලනය කරන්නට උපන් රුසියන් වු මේ නගර වල දේශපාලකයන් සහ ඇතැම් නිලධාරින් ඇත්තටම ඩෙංගු පාලනයට ගනු ලැබු පියවර ප්‍රමාණවත්ද. මේ සම්බන්ධයෙන් එක් සජිවි අත්දැකිමක් අප ඔබ වෙත ගෙනඑනනෙමු.

2011 දෙසැම්බර් 15 වෙනිදා මීගමුවේ පුද්ගලික රෝහලකයට එකම නිවසක දරුවන් දෙදෙනෙකු ඇතුලත් කරනු ලබන්නේ උණ රෝගින් ලෙසිනි. රෝග විනිශ්චය ගැන ඉක්මනින් කටයුතු කළ රෝහලේ වෛද්‍යවරුන් මේ දෙදෙනාටම වැලදි ඇත්තේ ඩෙංගු බවත්, ඉන් එක් අයෙක් ඩෙංගු රක්තපාත තත්වයේ සිටින බවත් එකි රෝගි දරුවා මිට පෙරද  ඩෙංගු රෝගයට ගොදුරුව ඇති බවත් නිශ්චය කරගති.දෙසැම්බර් 20 වනදා වන විට මේ අය පුර්ණ සුවය ලබා නැවත සිය නිවසට යති.

මේ නිවස පිහිටා ඇත්තේ සීදුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලයට අයත් බල ප්‍ර දේශයේ කටුනායක ගමෙහිය.ඒ දිනවල කටුනායක අවට සීග්‍රෙයන් ඩෙංගු පැතිර යමින් පැවතිණි.මේ නිවැසියන් දිනෙන් දින බලා සිටියේ ඉතා ඉක්මනින් සීදුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තම නිවසට මෙන්ම අවටටද පැමිණ ඩෙංගු මර්ධනය ගැන ඉක්මන් වැඩපිළිවෙලකට මුල පුරාවි කියාය.

එහෙත් එය  එසේ සිදුවුයේ නැත. රෝගි දරුවන් සුව වි පැමිණ දින 10 ක් පමණ ඉක්ම ගිය පසු ඩෙංගු බෝවෙන තැන් පරික්ෂා කරන්නට යම් මෙහෙයුමක් ඒ අවට ක්‍රියාක්මක කර තිබුණි . නිවැසියන් බලා සිටියේ තම නිවසට විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැමිනේ වි කියාය.යා යුතු ගමන් බිමන් ද අතහැර ඔවුන් මේ වෙනුවෙන් සුදානම්ය  සිටියහ. එහෙත් කිසිවෙක් පැමිණියේ නැත. පසුව ඒ දරුවන්ගේ මව පාරට ගොස් අදාල මහජන පරික්ෂකවරුන් වෙත පවසා තිබුනේ තමන්ගේ නිවස සහ අවට පරික්ෂා කරන්නට පැමිණෙන ලෙසය .ඩෙංගු අවධානම ගැනද පවසා සිටියේය.

පුදුමය වන්නේ මේ එක් මහජන පරික්ෂකවරයෙක් එම නිවස ටිකක් පරික්ෂා කර එන ලෙස පවසා තිබුනේ ඔවුන් සමග පැමිණ සිටි පොලිස් නිලධාරියාටය. පර්චස් 4 ක පමන කුඩා ඉඩක් වු එහි ඩෙංගු බෝවන්නට තරම් ඉඩක නැති බව එහෙන් මෙහෙන් බලා අර පොලිස් නිළධාරියාද යන්නට ගොස් තිබුණි.මේ සිදුවිම අදාල නිවැසියන් විසින් සිදුව මහජන සෞඛ්‍ය පරික්ෂක වෙත පවා දන්වා සිටියද කිසිදු වෙනසක්  සිදුව නොතිබුණි.

ඉතින් කෙසේ ඩෙංගු පාලනය කරමුද.????