ඡන්ද නීතියේ කණෙන් රිංගු ජංගම දුරකථන ඡන්ද ව්‍යාපාරය..

0
68

phoneනිතිය පිලිබද ලියැවෙන පෑනේ තින්ත වියැලෙන්නටත් කලියෙන් එහි ඇති හිල් වලින් රිංගන්නට තැන් හොයාගන්න වා යැයි කියමනක් ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු  මැතිවරණ නිතියයි.එහෙත් වයඹ මහඅැමතිධුරය පුත්තලමට යැයි කියමින් ජන්ද ව්‍යාපාරයේ යෙදුන සන්ධාවේ සනත් නිශාන්තගේ මැතිවරණ ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මකය . මෙහි එක් විශේෂත්වයක් වන්නේ සැලැසුම්ගත ලෙසින් ජංගම දුරකථන මගින් ක්‍රියාත්මක කර තිබිමය.
මීට සුළු මොහොතකට පෙර අපගේ FB එකට පණිවිඩයක් තැබු අයෙක් කියා සිටියේ 0117439600 අංකයෙන් අංක 3 ට ජන්දය දෙන මෙන් කරන ඉල්ලිමක් තමන්ගේ ජංගම දුරකථනයට පැමිණි බවය.