‘ජනාධිපතිතුමාට ස්තූති කටවුට් මම ගැහුවේ නැහැ’ දයාසිරි කියයි

0
662

මෙම වසරේ මාර්තු මාසයේදී කුලියාපිටියේදී පැවති ‘දැයට කිරුල’ මහා ප්‍රදර්ශනය සම්බන්ධයෙන්  මතුවූ  ගැටළු කීපයක් ගැන ඊයේ පළාත් ව්යඹ පළාත් සභාවේදී එජාප පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් මතුකරන ලදී.  චිත්‍රාල් ප්‍රනානද්ු මන්ත්‍රීවරයා විසින්  මහ ඇමති දයාසිරි ජයසේකර වෙත මෙම ප්‍රශ්න ඉදිරිපත් කරන ලද්දේ මාර්තු 04 වනදා පැවති පළාත් සභා වාරයේදීය.  පිළිතුරු බැදීමට කල් ඉල්ලූ මහ ඇමති දයාසිරි ජයසේකර ඊයේ එයට පිළිතුරු දී ඇත්තේ සභාව ද සිනාවට  ලක්කරමින් බව වාර්තා වේ.
මතුකළ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ දැයට කිරුළ වෙනුවෙන් කුරුණෑගල හා වයඹ පළාතේ ප්‍රදාන නගර වල ගසා  තිබූ පුවරු වයඹ පළාත් සභාව හරහා ප්‍රාදේශීය සභාවලට යැවීමට කටයුතු කළේ ද යන්නයි. එසේ කටයුතු කළා නම් ඒවායේ  වියදම් සඳහා ටෙන්ඩර් කැදවා තිබුණේද , එසේනම් එම පුවරු සඳහා ගිය වියදම, ඒවා  නිර්මාණය කිරීමට පැවරූ ආයතනය හා ප්‍රා. සභා වලින් මුදල් අයකරගත්තේ ද යන්න ගැන ප්‍රශ්නාවලියක් ඔහු වෙත ඉදිරිපත් කරන ලදී. නමුත් දයාසිරි ජයසේකර මහ ඇමතිට මේවාට  පිළිතුරු නැති විය. සියල්ලටම අදාළ නැත යන පිළිතුර ඔහු විසින් ප්‍රකාශ කර ඇති අතර,  එම පුවරු කෙසේ ගැසුවාද කවුරුන් විසින් ගැසුවාද යන්න වත් ඔහු දන්නේ නැති බව ප්‍රකාශ කර ඇත.
නැවත ප්‍රශ්න කිරීමේදී චිත්‍රාල් මන්ත්‍රීවරයා විසින් මෙම කටවුට් වල කෙරවරක ඇති  ඇඩ්වටයිසින්   කොම්පැණිය පිළිබඳව ද විමසා තිබේ. එහි සඳහන් දුරකථන අංකය මහඇමතිවරයාගේ  ලේකම්වරයෙකුගේ වන අතර  එම  දුරකථන අංකය  කාගේද  යන්න පිළිබඳවද විමසූවිට මහ ඇමති දයාසිරි ජයසේකරට කටඋත්තර නැති වුවද ඔහු ෂේප් පිළිතුරක් දී එය ද සමච්චලයට ලක් කර ඇත.
ජනාධිපතිවරයා පිළිගන්නට දැයට කිරුළ වෙනුවෙන් දයාසිරි ජයසේකරගේ සහ කුරුණෑගල ජනතාවගේ නමින් ගැසූ පුවරු ගැන ඔහු කිසිම දෙයක් දන්නනේ නැති බව මෙහිදී කියා සිටි මහ ඇමතිවරයා තමන්ගේ වගවීම යන කාරණය පසෙකට ලා  ඇට නැති දිවේ බලය පෙන්වා  ෂේප් වුවත්, මේවා පිළිබදව තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් තිබේ.
දැයට කිරුල නමින්  සංදර්ශන පවත්වමින් මහජනතාවගේ මුදල් වලට තට්ටු කිරීමේ බොරු නාස්තිකාර  වැඩ සිදුකරන වර්තමාන රජයේ නිලධාරීන් මෙන්ම දේශපාලඥයින්ගේ ගෝලබාලයින්ගේ ගසා කෑම් ගැන උත්තර දෙන්නට බැරිවන තරමටම වැඩ අතේ මාට්ටුය.  මේ කිසිදු වියදමක් සාධාරණ ලෙස වියදම් කළ බවට  වගඋත්තර බඳින්නට මොවුන්ට කිසිදා නොහැකි වනු ඇත. ඒ නිසා කළ හැක්කේ ප්‍රශ්න අසන විට ජෝක් කිරීම පමණකි.
DSCN2360

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here