ජනාධිපතිවරණය නොවැම්බර් 15 වනදා ?

0
113
epa04549254 Election officials carry ballot boxes to polling centers one day ahead of the Presidential Elections in Colombo, Sri Lanka, 07 January 2015. The crucial Presidential election is being held two years ahead of its due date. According to the Elections Secretariat, over 15 Million are elegible to vote at about 12,000 polling centers on 08 January to elect the seventh President for another six years. EPA/M.A. PUSHPA KUMARA

ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 15 වනදා පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්නතම දිනය නොවැම්බර් 15 බවත් දුරම දිනය දෙසැම්බර් 07 බවත් ඒ අනුව ඒ අතර දිනයක් නියම කිරීමට ක්‍රියාකරන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බවයි.

ජනාධිපතිවරණය එය පැවැත්විය හැකි ආසන්නතම දිනයේදී පැවැත්වීම කෙරෙහි බොහෝ පාර්ශ්වල අවධානය යොමුව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් මේ සම්බන්ධයෙන් දරණ ස්ථාවරය තවමත් අපැහැදිලිව පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

lankanewsweb.net