ජනාධිපතිවරණයට ශ්‍රිලනිපයෙනුත් අපේක්ෂකයෙක්

0
113

dayasiri-jayasekara

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව තමන් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. ඒ මහතාට අනුව ජනාධිපවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වන තෙක් පක්ෂය විසින් තීරණය කර නොමැත.

මැතිවරණය කොමිසමට අනුව මේ වන විට මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂ 12කින් දැනුම් දී ඇති අතර ඔක්තෝබර් 15ට පෙර ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීමට දිනයක් නියම වනු ඇත.