ජපනයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ශ්‍රීලංකාවෙන් අතහිත

0
257


ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිළධාරී Naoki Alex Miyaji මහතා අතරය.


මෙම අවබෝධතා ගිවිසුම අනුව මෙරට ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, ක්‍රීඩා කණ්ඩායම් මෙන්ම තණනිල්ල සකසන්නන්ද ජපානයට යැවීමට නියමිත අතර ජපාන ක්‍රීඩකයන්ටද මෙරටට පැමිණීමට හා මෙරට ලංකා ප්‍රිමියර් ලීග් කණ්ඩායම් සමඟ පුහුණුවීම් කටයුතු කිරීමටද අවස්ථාව හිමිවනු ඇත.