ජපන් රැකියා සඳහා මුදල් ඉල්ලන තැරැව්කරුවන්ට හසු වන්න එපා – විදේශ රැකියා ඇමති කියයි

0
94

මැද පෙරදිග රට වලට අඩු වැටුපට රැකියා සඳහා යැවීම වෙනුවට ජපානය,කොරියාව ආදි රටවල් වලට ඉහළ වැටුප්වලට මෙරටේ ශ්‍රමිකයින් යැවිම තම අමාත්‍යාංශයේ අරමුණ බව විදේශ රැකියා,විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව ජපානය,කොරියාව හා ඊශ්‍රායලය ආදි රටවලට මෙරට තරුණ තරුණියන් යවන බවත් ඔවුන්ට එම රටවල රැකියා කිරිමෙන් වැඩි වැටුප් ලැබෙන අතර එයින් ශ්‍රි ලංකාව ද විදේශ විනිමය ආදායම ද ඉහළ යන බවත් ඒ මහතා පැවසුවේ (23) දින  සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දිය.
පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානයේ විශාල ඉල්ලුමක් පැවති කෘෂිකාර්මික,කාර්මික හා සාත්තුසේවිකා ඇබෑර්තු සඳහා ජපන් භාෂාව පිළිබඳ N4 පරික්ෂණය සමත් වයස අවුරුදු 18 -30 අතර අඩි 5 වඩා උසැති තරුණ තරුණයින්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයට සිය අයදුම් පත් යොමු කල හැකි බව ද ඇමතිවරයා කිය.
harin fdoජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලා සිටින තැරැව්කරුවන්ට හසු නොවන ලෙසත් කාර්යංශය මඟින් තරුණ තරුණයින් ජපානයට යවන්නේ නොමිලේ බවත් හරින් ප්‍රනාන්දු මහතා මෙහි දි සඳහන් කළේ ය.

ජපානයේ රැකියා සඳහා යන තරුණ තරුණියන්ගේ සේවා කාලය වසර 03කි.එම කාලය අවසන් වු පසු තමන් සේවය කරන ආයතනය කැමති නම් ඔවුන්ට තවත් වසර 2ක් සේවය කල හැකි බව මෙහි දි අදහස් දැක්වු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුහුණු /අලෙවි) මංගල රන්දෙණිය මහතා පැවසිය.


www.news.lk/