ජපුර රෝහලේදි සාර්ථක අක්මා බද්ධයක් …

0
170

රටේම අවධානය මේ වන විට යොමුව ඇත්තේ කොරෝනා රෝගය පිළිබදවය. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් එලියටවත් යන්නට එපා යැයි පළවෙන නිවේදන දිනපතා වැඩිවෙමින් තිබේ.
මේ අතර වෙනදා මෙන්ම විවිධ රෝගයන්ට ගොදුරු ජිවිතයත් මරණයත් අතර සටනක නියැලෙන තවත් දහස් ගණනක් රෝගින් අප රටේ සිටිති.
මේ ඇතමෙකු වෙනත් රටකට ගොස් ශල්‍යකර්ම වලට භාජනය විය යුතු අයවලුන්ද වේ.විශේෂයෙන්ම අක්මා බද්ධයක් වැනි කරුණකදි බොහෝ දෙනෙකු ඉන්දියාවේ රෝහල්වල සහය පතති.
පවතින කොරෝනා තත්වය හමුවේ එයද දැන් අභියෝගයකි.
තතු එසේව තිබියදි ජයවර්ධනපුර මහරෝහලේ දී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ..

37 හැවිරිදි තරුණයකුට මෙම සැත්කම සිදුකළ බවත් සිරෝසිස් රෝගයෙන් පෙළුණු මෙම තැනැත්තාට ඉක්මණින් අක්මා බද්ධයක් සිදුකළ යුතුව තිබු බවත් කී වෛද්‍ය හේවගේ ඉකුත් 30 වැනිදා කළ සැත්කම සියයට සියයක් සාර්ථක බව අද තහවුරු කරගත් බව ද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් බවත් එය පැය ‍12කට ආසන්න වේලාවක් ගතවූ සැත්කමක් මගින් බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා කීය.

‍විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනෙක් ඇතුළු කණ්ඩායමකගේ සාමූහික ප්‍රයන්තයක් ලෙස මෙම සාර්ථක සැත්කම සිදුකළ බවත් පවතින කොවිඩ් අවදානම හමුවේ එහි අවදානම ද නොතකා සිදුකළ මෙම සැත්කම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සුවිශේෂී ඉදිරි පියවරක් වන බවත් වෛද්‍ය හේවගේ තවදුරටත් කියා සිිටියේය.

අක්මා බද්ධය අධික වියදම් සහිත සැත්කමක් වන අතර එය ඉන්දියාවේ දී සිදුකිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය වන සැත්කමකි. ජයවර්ධනපුර රෝහලේ දී මෙම පළමු සැත්කම කිසිදු අයකිරීමකින් තොරව නොමිලයේ සිදුකර තිබීම ද විශේෂත්වයකි.