ජරාජීර්ණ වී ඇති කොච්චිකඩේ මධ්‍යම වෙළදසැලට සිදුවන්නේ කුමක්ද?

0
179

පාරිභෝගික ජනතාවට ගැවසීමට නුසුදුසු මෙන්ම ව්‍යාපාර හිමියන්ටද සිය ව්‍යාපාර කරගැනීමට නුසුදුසු ලෙස ජරාජීර්ණව පවතින කොච්චිකඩේ මධ්‍යම වෙළද සංකීර්ණය නැරඹීමට ඊයේ (23) වනදා  සවස බස්නාහිර පළාත්සභා මන්ත්‍රී  රොයිස් විජිත මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කොච්චිකඩේ ප්‍රදේශයේ ක්‍රියාකාරීන් පිරිසක්  එම ස්ථානයට පැමිණි අතර එහිදී ව්‍යපාරිකයන් විසින් මෙම වෙළද සංකීර්ණය සම්බන්ධයෙන්   ඔවුන්ට ඇතිවී ඇති ගැටළු පිළිබදව ද ප්‍රශ්න මතුකර සිටියහ. මෙම වෙළද සංකීර්ණය අබලන් වී ඇති ආකාරය ගැන තක්සේරු කරන විට මෙය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පලක් නොවන බවත් නව ගොඩනැගිල්ලක් ඉදිකරීම වඩාත් සුදුසු  බවත් පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා පැවසූ අතර ඒ සදහා අවශ්‍ය තීරණ ඉදිරි දින වලදී ගැනීමට තටයුතු කරන බවත් පවසන ලදී.
DSCF3127

මෙම අවස්තාවට සහභාගී වූ මාධ්‍යවේදීන් හමුවේ කරුණු පැහැදිලි කරමින් ව්‍යාපාරික මහතුන්  විසින්  ප්‍රකාශ කළේ වසර 35කින් පසු කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් මෙම වෙළද සංකීර්ණයේ සිදුවී නොමැති බවත් මීගමුව නගර සභාව විසින් බදු මුදල් අයකිරිම නම් වෙලාවට සිදුකරන බවයි.  තමන්ට අතිවිය හැකි ජීවිත අවධානමද නොතකා මෙහි කඩ 50ටත් වඩා වෙළෙදුන් ව්‍යාපාරික කටයුතු වල නියලෙන්නේ තමන්ට යාමට වෙන ස්ථානයක් නොමැති නිසා බවද ඔවුන් පවසා සිටින ලදී.DSCF3097new DSCF3149 DSCF3127nw DSCF3131nw DSCF3137 DSCF3140DSCF3162DSCF3153nwDSCF3157වල් බිහිවී ඇති නව වැසිකිලි ගොඩනැගිල්ල