ජලජිවි වගා ක්ෂේත්‍රයට ඉන්දීයන් ආයෝජන !

0
69

 dilip weda

විදේශයන්ගේ විශාල ඉල්ලුමක් පවතින ඉස්සන් වගාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් කැමැත්ත පල කර ඇත .
ඒ යටතේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වෙනුවෙන් තමන් සුදානම් බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ  ද [ 19 ] හමුවූ D.TITUS FERNANDO මහතා පැවසිය .
මෙහිදී  Coastal Corporation Limited නැමැති තම ආයෝජන සමාගම ලංකාවේ ජලජිවි වගාව ආශ්‍රිත ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදානම් බවත් ඊට අමතරව මඩ කැකුළු වගාව ව්‍යාප්ත කිරීම සදහා ද තමන් සුදානම් බව මෙම ඉන්දීය ආයෝජකයා පැවසිය .
      
ශ්‍රී ලංකාවේ ආයෝජනය වෙනුවෙන් ඉදිරිපත්වීම පිලිබදව මෙහිදී මෙම ඉන්දීය ආයෝජකයාට සිය ස්තුතිය පල කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේ, වත්මන් රජයේ වැඩපිළිවෙලද සෘජු ආයෝජන දිරිමත් කිරීම බැවින් ධිවර ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව සදහන් කළේය .
ඊට අමතරව ධිවර ක්ෂේත්‍රයේ සෘජු ආයෝජනය වෙනුවෙන් ඉදිරිපත් වන සමාගම් සදහා සිය නිෂ්පාදන කටයුතු වලට කඩිනමින් අවතීරණ වීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම කඩිනමින් ඉටුකිරීමට ද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී සදහන් කළේය .
www.news.lk