ජලජීවී මධ්‍යස්ථානයේ පාලනය අරාජකයි?

0
170

පිටිපන පිහිටා තිබෙන ජලජීවි වගා සංවර්ධන  මධ්‍යස්ථානය පාලනය වන්නේ බස්නාහිර පළාත්සභාව  මඟින් වන අතර ලංකාවේ ධිවර කර්මාන්තයට විශාල සේවයක් ඉටුකිරීම සදහා අක්කර 14ක භූමිභාගයක් තුළ  මෙම ආයතනය  පිහිටුවා ඇත්තේ  1970 දශකයේදීයි.   මේ වනවිට  මෙම ජලජීවි වගා සංවර්ධන  මධ්‍යස්ථානය පාලනය  වන්ෙන් ඉතාමත් අරාජික  ආකාරයට බවත් එයින් ධීවරයින්ට කිසිදු සංවර්ධන ප්‍රතිලාභයක් අත්නොවන බවත්  ධීවරයින් පවසති.  මෙම ආයතනය  ධීවර පර්යේෂණ ආයතනයක් ලෙසද කටයුතු කරන අතර ධීවර හාජලජීවී ක්ෂේත්‍රයට  සම්බන්ධ විශ්ව විද්‍යාල ශිෂ්‍ය පිරිස් මෙන්ම ගුරුවරුන්ද මෙම ආයතනයට පැමිණෙන අතර  විවිධ ව්‍යාපෘති මත්ස්‍ය අභිජනනය කිරිමේ කටයුතු මෙම ස්ථානයේ සිදුකෙරෙයි. නමුත් මේ වනවිට  සියලු කටයුතු අඩාල වී ඇති බවට ධීවරයින් චෝදනා කරන අතර මෙම ආයතනයේ  විදුලි බිල්මාස 05කින්  ගෙවා නොමැති හෙයින් විදුලිය විසන්ධි වී ඇති බවට ඔවුන් චෝදනා  කරති.  මේ අතර තවත් නීති විරෝධී කටයුත්තක් සිදුවන අතර එනම් ආයතනයට නිල වශයෙන් කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයෙකු  මෙම ස්ථානයේ  පරිපාලන කටයුතු වලට මැදිහත්ව සිටීමයි. ලේකම්වරයාගේ හිතවතෙකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා හිතූ හිතූ ආකාරයට  මෙම ජලජීවි වගා සංවර්ධන  මධ්‍යස්ථානයට අයත් දේපළ හා එහි ව්‍යාපෘති වලට  සම්බන්ධ වී එහි කටයුතු වලට අනිසි ලෙස මැදිහත් වෙමින් සිටින අතර බස්නාහිර පළාත් සභාවේ ධීවර විෂය භාර අමාත්‍යවරයා ද  මේ සම්බන්ධයෙන් මෙතෙක් මැදිහත් වන බවක් නම් පෙනෙන්නට නොමැත?19747643_10213523508343115_747050709_oවිල්සන්  කුරුකුලසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here