ජා-ඇල ඔරිටා ට්‍රැවල්ස් ,සමඟින් ඉන්දියාවේ සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට

0
614

 

ජා-ඇල , ඔරෙටා ට්‍රැවල්ස් (Oreta Travels) සහ ඉන්දියාවේ හොලි ඩෙි ෆෝ යූ (Holiday For You) ආයතනය හා එක්ව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එහි තවත් එක් පියවරක් ලෙස අද දින එනම් 2024/05/07 දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විශේෂ සංචාරක පිරිසක් පැමිණ ඇත.
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ශේකර් එතිරාජු මහතා ඇතුළු ඒ මහතාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂිත සංචාරක කණ්ඩායම අද උදෑසනදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී.
ශේකර් එතිරාජු මහතා සහ එම පවුලේ සාමාජික පිරිසගේ ප්‍රථම ශ්‍රී ලාංකා සංචාරය මෙය වන අතර ඔවුන් පිළිගැනීම සඳහා ජා-ඇල ඔරෙටා ට්‍රැවල්ස් ආයතනයේ අධ්‍යක්ෂක රුවන් රළපනාව මහතා සහ එම ආයතනයේ විශේෂ නියෝජිත ඩිසනි මෙනවියද සහභාගි වූහ. එමෙන්ම මෙම සිව් දින සංචාරයේ සංචාරක මඟ පෙන්වන්නා ලෙස කටයුතු කරන එම්.එස්.එස්.මුනිර් මහතා ද ගුවන්තොටුපලට පැමිණ මෙම සංචාරක කණ්ඩායම පිළිගැනීමේ අවස්ථාවට සහභාගි විය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මහත් හරසරින් පිළිගත් මෙම සංචාරක කණ්ඩායම ඉන්පසු ඔවුන්ගේ සංචාරයේ ප්‍රථම දින ගමනාන්තය වන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වු සුන්දර නුවරඑළිය ප්‍රදේශය බලා පිටත්ව ගියහ.

තුසාර රොහාන්