ජාතික ආරක්‍ෂාවට අවතැන් වනු!

0
43

රක්‍ෂක හමුදා සාමාජිකයන් සහ ‘දෙමළ ස්ත‍්‍රීන් විවාහ කරගත්’ හමුදා සෙබළුන් සඳහා මූලික වශයෙන් කැප වූ වවුනියාවේ කොක්එළියේ ‘සන්හිඳියාවේ සත්විරුගම’ අපේ‍්‍රල් තුන් වැනිදා ජනාධිපති සිරිසේන අතින් නිවෙස් හිමියන්ට බෙදා දෙන බැව් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බදාදා (23) නිවේදනය කර සිටියේය. යුද හමුදාවේ ඉංග‍්‍රීසි වෙබ් අවඩියට අනුව යෝජිත ගම්මානය ‘තුවාල වූ දෙමළ හදවත් සුවපත් කිරීම’ අරමුණ කරගත් ව්‍යාපෘතියකි. නමුත් ඒ හමුදාවේම සිංහල වෙබ් අඩවියේ පළව ඇති සමාන්තර ප‍්‍රවෘත්තියට අනුව ‘දේශය වෙනුවෙන් දිවිපිදූ හා රණක්‍ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීම’ අරමුණු කරගත් නිවාස ව්‍යාපෘතියෙන් යුද හමුදා රෙජිමේන්තු හා බලකායන් 21කට අයත් සාමාජිකයන්ට ප‍්‍රතිලාභ හිමි වීමට නියමිත ය. මේ කියන්නේ වෙන ව්‍යාපෘතියක් ගැන යැයි පහදා දෙන සටහනක් එහි නොවේ.

ඒ අනුව බලතොත්, ඉංග‍්‍රීසි පුවත පිටට ය. සිංහල පුවත රටට ය. ‘දෙමළ තුවාල සනීප කිරීම’ සඳහා ‘රණවිරුවන්ට ගේ දොර පිරිනමන’ මේ යෝධ පියවරින් ‘සිංහල – දෙමළ’ සංහිඳියාව දැන් තවත් පිම්මකින් පෙරට ය!

ඉතිරි කොටස –
http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-32/2014-12-30-18-25-25/549-2016-03-26-09-33-01