විරෝධතාවයක් පවත්වා තිබේ.
මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන පුරාවිද්‍යා නිලධාරියකුගේ බෙල්ල මිරිකන බවට තර්ජනය කරමින් කළ පහරදීම ඇතුළු අතීත ප්‍රචණ්ඩ ක්‍රියා බෞද්ධ සංවිධානයක් විසින් යුක්ති සහගත කොට ඇත්තේ “ජාතික කැක්කුමට” සිදුකළ ඒවා ලෙසිනි.
මඩකලපුව, චෙන්කලාඩි, පන්කුඩාවේලි ප්‍රදේශයේදී මංගලාරාම විහාරාධිපතිට එරෙහිව සැප්තැම්බර් 22 අඟහරුවාදා සිදු කළ උද්ඝෝෂණයේ දී ගම් වාසීන් වැඩි දුරටත් රජයෙන් ඉල්ලා ඇත්තේ දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම වහාම නතර කරන ලෙසයි.
මඩකලපුව චෙන්කලාඩි විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන වගා කටයුතු සදහා ඩෝසර් කර ඇති බවට චෝදනා නගන මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමි එහි සිටි පුරා විද්‍යා නිලධාරීන්ට සැප්තැම්බර් 21 සඳුදා පහර දෙමින් පොලිස් නිලධාරීන් බලා සිටියදී මරණ තර්ජන කරන අයුරු පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයට හසුව තිබුනි.
”මිරිකනවා බෙල්ල” පුරාවිද්‍යා නිලධාරීන්ට සංඝයා වහන්සේගේ ගුටිබැට හා තර්ජන
අනතුරුව එම ස්ථානයේ සිටි පුරා විද්‍යා නිලධාරීන් කිහිපදෙනකු තාවකාලික ඉදිකර ඇති කාර්යාලය තුළ රදවා සිය ග්‍රහනයට ගත් අම්පිටියේ සුමනරතන හිමි ඉහළ නිලධාරීන් එම ස්ථානයට කැදවන ලෙස ඔවුන්ට බලකරමින් තර්ජනය ද කර තිබේ.
පොලීසිය පැමිණ සාකච්ඡා කළත් තත්වය සමථයකට පත්ව නොතිබුන අතර එම භුමිය පුරා විද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරීම සදහා මුලික කටයුතු සතියක් ඇතුලත ආරම්භ කිරීමට බලධාරීන් පොරොන්දු වීමෙන් පසු මංගලාරාමාධිපති සන්සුන් වූ බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
ජනාධිපතිගේ ප්‍රතිපතිය !
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා නොගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් විසින් රාජ්‍ය නිලධාරීන්ට පහර දෙමින් කළ මරණීය තර්ජන ජාතීන් අතර සංහිදියාවට බාධාවක් බව විරෝධතා කරුවන් පෙන්වා දී තිබේ.
ප්‍රදේශවාසීන්, ගොවීන්, ආගමික නායකයන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති විරෝධතාවය සදහා ප්‍රාදේශිය ජනතා නියෝජිතයන්ද එක්ව සිටි බව මඩකලපුව වාර්තාකරුවෝ පවසති.
රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ගම්වැසියන් විරෝධතාවය අතරතුරදී පොලීසියෙන් ඉල්ලා ඇත්තේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන ලෙසයි.
මීට ඉහතදීත් පුරාවිද්‍යා හේතු දක්වමින් පෞද්ගලික ඉඩම් වලින් දෙමළ ජනතාව එලවා දමන්නට කටයුතු කිරීම නිසා මංගලාරාමාධිපති නඩු ගණනාවකට පැටලී සිටී.
”මීට ඉහතදීත් පුරාවිද්‍යා හේතු දක්වමින් පෞද්ගලික ඉඩම් වලින් දෙමළ ජනතාව එලවා දමන්නට කටයුතු කිරීම නිසා මංගලාරාමාධිපති නඩු ගණනාවකට පැටලී සිටී.”
ඥනමුත්තු අන්නපූරම් නැමැත්තාට අයත් කුඹුර අක්කර 9 ක් 1964 වසරේදී තෑගි ඔප්පුවක් මගින් ඔහුගේ ලේලිවරුන් වන ධර්මලිංගම් රානි අම්මා, ධර්මලිංගම් යෝග මලර්, ධර්මලිංගම් පරමේෂ්වරී යන තිදෙනාට පවරා දීමෙන් පසු දිගින් දිගටම එම කුඹුරු වගා කරමින් සිටියදී මීට වසර දෙකකට පෙර මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් විසින් එම ප්‍රදේශයේ පුරා විද්‍යා නටබුන් සහ විහාරස්ථානයක නටබුන් පැවැතියේයයි හඬක් නැගූ බව විරෝධතා කරුවන් පෙන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ නඩු පැවරීමකින් පසු පුරා විද්‍යා නටබුන් පිහිටි මායිම් හැර සෙසු ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු කිරීම සදහා අධිකරණය අවසර දී තිබෙන බව විරෝධතා කරුවන් වැඩි දුරටත් පවසා තිබේ.
“ජාතික කැක්කුම”
මංගලාරාමාධිපති ගේ ප්‍රචණ්ඩ හැසිරීම අනුමත කරන බෞද්ධ සංවිධානයක් ඒ සම්බන්ධයෙන් දොස් පවරා ඇත්තේ පුරා විද්‍යා නිලධාරීන්ටය.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් දැනුම් දී තිබුනේ පුරා විද්‍යා නිලධාරින් තම වගකිම් දැඩි ලෙස පැහැර හරිමින් කටයුතු කිරිම නිසා අම්පිටියේ සුමනරතන හිමියන්ට “තම හදවතේ ජාතික කැක්කුම” හේතුවෙන් මෙසේ ක්‍රියා කරන්නට සිදුව ඇති බවයි.
“උන් වහන්සේට දැනට නඩු 70ක් විතර වැටි ඇත්තේ ද උන් වහන්සේගේ පුද්ගලික අරමුණු ඉටු කර ගැනිමට ගොස් නොවන බවත් ජාතික අරමුණු වෙනුවෙන් නිර්භීතව කටයුතු කිරිම හේතුවෙන් බවත් පැහැදිලිය.”
උන් වහන්සේට දැනට නඩු 70ක් විතර වැටි ඇත්තේ ද උන් වහන්සේගේ පුද්ගලික අරමුණු ඉටු කර ගැනිමට ගොස් නොවන බවත් ජාතික අරමුණු වෙනුවෙන් නිර්භීතව කටයුතු කිරිම හේතුවෙන් බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.
පුරාවිද්‍යා ස්ථානයේ ආරක්ෂාව උදෙසා රැඳී සිටි නිලධාරින්ට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් මංගලාරාම විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමට බල කරමින් පාර්ලිමේන්තු වේද ඉන් පිටත ද සංවාදයක් මතු කෙරමින් පවතින බව පෙන්වා දෙන බුදුගල ජිනවංස හිමියන් අගමැතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර ඇති අතර පොලිසිය ද ඒ සම්බන්ධයෙන් අධිකරණයටකරුණු වාර්තා කර ඇති බවයි.
සැප්තැම්බර් 28 සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතනට නියෝග කර ඇති බව ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
theleader.lk