ජාතික ශිෂ්‍ය භට බලකායේ අපරදිග තූර්්‍ය වාදක සමස්ත ලංකා ජයග්‍රහණය නිව්ස්ටඩ් බාලිකාවට

0
875

ජාතික ශිෂ්‍ය භට බලකායේ   අපරදිග තූර්්‍ය වාදක කණ්ඩායම් විසිර යාමේ   පෙළපාලිය   සමස්ත ලංකා තරගාවලිය අද (18)   පෙරවරුවේදී  රන්ටැඹේ ශිෂ්‍යබට පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදි  පැවැත්වුණි.මෙම තරගයට පාසල් 44ක්  හා සිසුන් 1200 ක් ඉදිරිපත්වී සිටි අතර මෙහි
බාලක ශුරතාවය ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයත්  බාලිකා ශුරතාවය  මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයත් දිනා ගන්නා ලදී. මෙම උත්සවයේ  ප්‍රධාන අමුත්තන් වශයෙන් රන්ටැඹේ ශිෂ්‍ය  භට පුහුණු කිරීමේ මධය්සථානය
අඥාපති යුද හමුදා අණසක මේජර් ජෙරාල් ඩී ටී කරුණාරත්න  මහතා සහ රන්ටැඹේ මුලස්ථාන ප්‍රධානී ලුතිනන් කර්නල්  මෙන්ඩිස්  යන අය සහභාගී වූහ.
ඡායාරූප / ප්‍රියප්‍රේම මාණික්කරත්න5 2 3 4