ජාතික සමගියට කව්ද බය?

0
492

ජාතික සමඟියට කව්ද බය කියල තේමාවක් පෙරටු කොටගත් සංවාදයක් ගැන ෆේස් බුක් බැනරයක් ඇහැගැහැණා.

එකේ හැටියට එම සංවාදය සංවිධානය කරන අය අහන්නේ ජාතික සමඟියට රනිල් බය ඇයි කියල.

දැන් හිනා යන වැඩේ කියන්නේ ජාතික සමඟියට රනිල් බයද කියන එක නෙමේ.අපි මොහොතකට මෙහෙම හිතමුකෝ ධනපති ලිබරල් දේශපාලකයෝ ජාතින් සමඟි වෙනවට බයයි කියල.

එතකොට හිනායන කතාව තමයි මේ වාම කණ්ඩායම් හිතන විදියේ ජාතික සමඟියක් හදන්න මෙයාල මොනවද කරල තියෙන්නේ කියන එක.

කිසිම දෙයක් නැ .ජාතික සමඟියක් ඇතිනොවන විදියටම ලංකාවේ ඇතැම් වාම කණ්ඩායම් වැඩකරල තියෙන්නේ.

දහස් ගණන් ජිවිත බිලිගත් යුද්ධයට දකුනේ ධනපති පාලකයන්ව දැක්කුවේ කව්ද?

ජාතික සමඟියක් ගැන දැන් කතා කරන දකුණේ මෙයාලගේ හැම වැඩක්ම ඇත්තටම මාධ්‍ය සංදර්ශන විතරයි.දැන් එයාල තරඟෙට ලග ලග දිනවල කොළඹදි සංදර්ශන පවත්වනව.

හැබැයි දමිළ බස කතා කරන අය දන්නව මෙයාල මාධ්‍ය සංදර්ශනකාරයෝ මිසක් ඇත්ත ජාතික සමඟියක් වෙනුවෙන් වැඩකරපු හෝ වැඩකරන්න හිතන අය නෙමේ කියල…

දමිළ බස කතා කරන ජනයාව පිඩාවට පත්කරපු ,පත්කරන ප්‍රශ්ණ වෙනුවෙන් ඇත්තටම දකුණේ මේ වාම කණ්ඩායම් කරල තියෙන්නේ මොනවද?

දේශපාලන සිරුකරුවන් ගැන දකු⁣ණේ වම කතා කරන්න පටන් ගත්තේ එයාගේ අය මාස කිපයක් හිරේට ගාල් වුනාම විතරයි.දශක ගණන් හිරේ හිටපු දමිළ දේශපාලන ක්‍රියාකාරින් ගැන මේ කව්රුත් මීක් ගැවේ නැ.

එහෙම අයට පුලුවන්ද ජාතික සමඟියක් හදන්න?