ජාතික සමඟියට අනාරක්ෂිතවූ මීගමු බස් නැවතුම්පල ජාතිවාදයට ආරක්ෂිත වූ හැටි!.

0
242

FB_IMG_1559656161116IMG-20190605-WA0008මීගමුව බස්නැවතුම්පල පුද්ගලික දේපලක්ද?
උද්ගෝෂණ සහ විරෝධතා පැවැත්වීම සිදුවන්නේ ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වල බව අපි දනිමු. මේ අනුව සියළු දේශපාලන පක්ෂ , සංවිධාන එවැනි තැන් ගැන විමසා බලා කටයුතු සූදානම් කර ගනිති. කොටුව දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පලවල් ඒ සඳහා යොදා ගන්නා ස්ථාන ලෙස ප්‍රසිද්ධය. මීගමුවෙහිද මෙවැනි උස්ගෝෂණ සහ විරෝධතා සඳහා බස්නැවතුම්පල භාවිතා කළ ආකාරය පසුගිය කාලය තුළ අපි දැක්කෙමු.

නමුත් මැයි 31 වනදා ජාතික සමගිය උදෙසා පැවැත්වූ උස්ගෝෂණයක් සඳහා සූදානම් කරගෙන තිබුනද ඒසඳහා මීගමුවේ බස්නැවතුම්පල පාලනය කරන ඇත්තන්ගෙන් අවසරයක් නොලැබුනෙන් එය හදිසියේම වෙනත් තැනක පැවැත්වීමට සිදුවිය. එසේ කළේ ආරක්ෂක හේතූන් මත බව ප්‍රකාශවිය. නමුත් ජුනි 3 වනදා පෙළපාලියක් සමඟ උද්ගෝෂණයක් මීගමු බස්නැවතුම් පළ අසල සටන්පාඨ කියමින් සහ රැස්වීම් පවත්වමින් සිදුකරන ලදී. මෙය සිදුකරන ලද්දේ රතන හාමුදුරුවන්ගේ උපවාසය නිසා එහි ප්‍රතිඵල භුක්තිවිඳීමේ අවස්ථාවක් ලෙස සළකමිනි.

මීට පෙර අවස්ථාවලද මෙවැනි බාධා කාරී තත්වයන් මෙම ස්ථානයේ සිදුවූ අතර මෙම තහනම පනවන අය සළකා බලන්නේ කරන කටයුත්තේ ස්වභාවයට වඩා කරන පුද්ගලයින් කව්ද කියාය. පොදු දේපලක්වන බස් නැවතුම්පල මෙවැනි හිතවත් කම් වෙනත් පුද්ගලික වුවමනා එපාකම් අනුව තීරණය වන්නේ නම් අප එයට විරෝධය පළ කරමු.