ගැන ප්‍රසාදය පළ කරන දෙමළ දේශපාලන නායකයන් දිගටම සිදුවෙන මර්දනය කෙරෙහි අවධානයට ලක් නොවීම ගැන නොසතුට පල කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 53 වැනි මානව හිමිකම් සමුළුවේ වාචික වාර්තාව ජුනි 21 වැනිදා ඉදිරිපත් කරමින් මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්වරිය පෙන්වා දුන්නේ ලංකාණ්ඩුව සංහිඳියාව, නීතිය හා වගවීම කෙරෙහි අවධානය යොමු කර නොමැති බවයි.
” අතීතය ගැන පියවර ගැනීමට වීරිය දැරීම සම්බන්ධයෙන් ගත් කල, වගඋත්තර දායකත්වයේ බරපතල හිඩැස එලෙසම පවතිනවා. තවද, දණ්ඩ මුක්තිය පවත්නා තාක් කල්, ලංකාව නිර්ව්‍යාජ සංහිඳියාවක් හෝ තිරසාර සාමයක් හෝ උදා කර නොගනී,” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සඳහා වන නියෝජ්‍ය මහකොමසාරිස් නදා අල් නශීෆ් සිය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසුවාය.
දෙමළ දේශපාලන පක්ෂ නායකයන් පවසන්නේ දිගින් දිගටම පත්වූ ආණ්ඩු මගින් යුද අපරාධ පිලිබඳ වගවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලට ලබාදුන් පොරොන්දු කඩකරමින්, දෙමළ ජනතාව රවටමින් සිටින අවස්ථාවේදී UNHRC හිදී සිදුකළ වාචික ඉදිරිපත් කිරීම ධෛර්යමත් කරවන හා සාධනීය පියවරක් බවයි. එහෙත් දැනටමත් ආණ්ඩුව දියත් කරමින් සිටින මර්දනය ගැන මෙම වාචික වාර්තාවේ සඳහන් නොවීම ගැනද දෙමළ නායකයන්ගේ දැඩි සැලකිල්ල යොමුවී තිබේ.
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාචික වාර්තාව මගින් ලංකා ආණ්ඩුවට බරපතල අවධාරණයක් කර ඇති බැවින්, ඒ පිළිබඳව යම් ප්‍රසාදයක් පළ කළ හැකි බව ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.
” කොහොමත් දිගින් දිගටම ලංකා ආණ්ඩුව වගවීම ගැන සැලකුවේ නැහැ. ත්‍රස්ත පනත ජාත්‍යන්තර මට්ටමට ගේන්න කියලා ගේන පනතත් මර්දනයට තමයි බලතල දීලා තියෙන්නේ. ”
සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ දැනට පසුපසට ගෙන ඇති නව මර්දනකාරී පනත ඉදිරියේදී ක්‍රියාත්මක නොකළ යුතු බවයි.
ඔහු තවදුරටත් සදහන් කරන්නේ ලංකාණ්ඩුව විසින් සංක්‍රාන්ති යුක්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින්, දේශීය සහ ජාත්‍යන්තර ප්‍රජාව මුලාකරමින් සිටින බවයි.
” අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් (OMP) පිහිටුවා ඇති නමුත්, එහි සැබෑ අරමුණු වෙත කිසිදා ලඟා වූයේ නැතිවා පමණක් නොව, ඒ සඳහා උත්සාහයක්වත් දැරුවේ නැත. වගවීම පිලිබඳ කිසිඳු කර්තව්‍යයක් සිදුනොවූ මුත්, OMP හරහා සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් කටයුතු සිදුවෙමින් පැවතුණු බවට ලංකා ආණ්ඩුව ව්‍යාජ ප්‍රතිරූපයක් ගොඩනගමින් සිටිනවා .”
ත්‍රස්ත පනත මුළුමනින්ම අහෝසි කිරීම කෙරෙහි ද ඇගේ අවධානය යොමු වුයේ නම් අගනා බව ද TPNA නායක විග්නේශ්වරන් පවසයි.
” යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 14 ක් වෙලා. ඒත් තවම උතුරු නැගෙනහිර පළාත් වලින් රජයේ හමුදාව ඉවත්කරගෙන නැහැ. මේකත් මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්වා දෙන්න තිබුණා.”
” දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැනත් ඈට මතක් කරන්න තිබ්බා.”
ඊට සහභාගී වීමෙන් දේශීය වශයෙන් අත් කරගන්නා ලද ප්‍රගතිය ස්වේච්ඡාවෙන් බෙදා හදා ගැනීමට සමාන අවස්ථාවක් උදා වන බව ලංකාණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.
ඇල්ජීරියාව, කටාරය සහ බ්‍රිතාන්‍යය මුල් වී පවත්වන ලද සමාලෝචනයෙන් අනතුරුව සම්පාදනය කරන ලද වාර්තාවේ රටවල් ගණනාවක් විසින් ශ්‍රී ලංකාවට යොමු කරන ලද නිර්දේශ 300 කට ආසන්න සංඛ්‍යාවක් දැක්වේ.
theleader.lk