ජිවන මාර්ග අහිමිවුවන්ට බෙදන රු 5000 ට මිගමුවේදි දිගටම පොහොට්ටු නායකයන්ගේ මැදිහත්විම් ?

0
76

nimal dayan( 9.30 am ) පවතින කොරෝනා අර්බුදය හමුවේ ජිවන මාර්ග අහිමිව අසරණ තත්වයට පත්ව ඇති ජනකොටස් වෙත ලබාදෙන රු 5000 ක රජයේ දිමනාව මිගමුවේ විවිධ ප්‍රදේශවලදි විවිධ දශපාලන බලපැම් ඉල්ලවෙමින් ඇති බව අප දිගටම හෙළිදරව් කළෙමු. මේ ඇතැම් මැදිහත්විම් සැබැවින්ම ලැජ්ජාසහගත ඒවාය.
නිදසුනක් ලෙස 73 ත සි කුඩාපාඩුව  ග්‍රාම සේවා වසමේ පසුගිය 21 සහ 22 යන දිනවල රු 5000 මුදල ලබාගැනිමට ජනතාව පොලිමේ සිටියදි නගරාධිපති දායන් ලංසාව හිතවත් පිරිසක් ඒ අසල සිටිමින් ඒ ජනයාට තවත් අයදුම්පතක් ලබාදෙමින් කියා තිබුනේ මුදල් ලැබෙන්නේ ඒ අයදුම් පතට පමණක් බවය. ඒ ඇරෙන්නට ප්‍රදේශයේ අනිකුත් දේශපාලන පක්ෂව සමාජිකයන් නම් ද සදහන් කරමින් කියා ඇත්තේ ඒ අය වෙත දුන් අයදුම් පත් වලට මුදල් නොලැබෙන බවය.
මෙය සැබැවිනිම් ඉතාම ජඩ දේශපාලන මැදිහත්විමක් ලෙස මෙම පෝලමේ සිටි අය පවා මිපුර අමතා කියා සිටියේය.
මේ නිර්ලජ්ජිත කටයුත්තට  පොහොට්ටු හිතවාදි සමෘද්ධි නිළධාරියා කැලුම් නැමැත්තාද සම්බන්ධ බවට ප්‍රදේශවාසින් චෝදනා කරති .
මේ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉහල නිලධාරින්ද දැනුවත් කර ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here