ජෙයරාජ්ගේ ඝාතනයත් ඩුප්ලිකේට් L.T.T.E එකේ වැඩක්ද ?

0
169

jeyaraj 5මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම් යම් දේශපාලන ඝාතන සිදුකරන ලදැයි අනාවරණය වීමත් එවැනි ඝාතන සඳහා එවකට බලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු බලවත් පිරිස් අනුබල හා උපදෙස් ලබාදුන් බව හෙළිවීමත් මත හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පිළිබඳ නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ඇතුළු පවුලේ අය පවසන බව මව්බිම පුවත් පත් 2015 අගෝස්තු 31 වනදා පළ කර තිබුණි.
කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ‘සිලෝන ටුඩේ’ පුවත්පත හා ප්‍රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.
මේ අයුරින්  දැන් ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන අළුතින් සංවාදයට බදුන් වන්නට පටන්ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ කිර්තිමත් දේශපාලනඥයෙකු වු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සෑබෑ ඝාතකයන් කව්රුන්දැයි යන ප්‍රශ්ණය පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ විසින් ගෙන එයිද ?
එසේ නොවන්නේ නම් එම ඝාතනය සිදුකරන ලද්දේ L.T.T.E විසින් යැයි සුදර්ශණි මැතිණිය විශ්වාස කරනවාද ?
ජෙයරාජ්ට සෑබෑ ලෙසම ආදරය කළ අයවලුන් මේ ඝාතනය පිළිබද සංවාදය ඉදිරියට ගෙන ආ යුතුව තිබේ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here