ජේ.ආර්. ගේ පහරදීමෙන් අවුරුදු 13 ක දරුවෙකු රෝහලේ.

0
85

     වයස අවුරුදු 13 ක් වන පාසල් දරුවෙකුට අමානුෂිකව පහර දීමේ සිදුවීමක් පසුගිය 24 වැනි දා මීගමුවට නුදුරු කටුවැල්ලේගම ප‍්‍රදේශයෙන් වාර්තා වූණි. කටුවැල්ලේගම, පලූගහවිල අංක 574/ බී දරණ නිවසේ වෙසෙන ෂෙහාර මධුකල්ප නැමැති මෙම දරුවාට පහර දි ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේම වෙසෙන  ‘‘ ජේ.ආර්. ’’ යනුවෙන් හදුන්වන තැනැත්තෙකි. වාර්තා වන පරිදි එම තැනැත්තාද ෂෙහාරගේ වයසේම පසුවන දරුවෙකුද ඇතුඵව දරුදෙදෙනෙකුගේ පියෙකි. ෂෙහාරගේ පියා, සිය මව (අනුෂා විජේකෝන්  සහ  සෙනුරී නේත‍්‍රා නම් තම කුඩා 05 හැවිරිදි නැගෙණියව අතැර ගොස් ඇත්තේ මීට වසර 04 කට පමන පෙරය. ඒ නිසාවෙන්ම ෂෙහාර සහ ඔහුගේ නැගෙනිය පෝෂණය වුයේ තම මව ඇගඵම් කම්හල් රැුකියාවෙන් ලද සුඵ වැටුපෙනි. මේ නිසාම ෂෙහාර පාසල් අධ්‍යාපනය ලබන විටම ඉතා අමාරුවෙන් ගුවන් විදුලි සහ රූපවාහිනී අඵත් වැඩියාව පිලිබදව පාඨාමාලා 02 කට සහභාගී වු අතර එය අවසන් වීමෙන් පසු ඔහු තම ගම් ප‍්‍රදේශයේ ම වූ ගුවන් විදුලි සහ රූපවාහිනී යන්ත‍්‍ර වල සුඵ සුඵ අඵත් වැඩියා කීරීම් වල නිරත විය. ඒ මීට මාස 05 ක පමන කාලයක සිටය. එයින් ලැබෙන සුඵ මුදලකින් හෝ තම අධ්‍යාපනයට අවශ්‍ය පොත් පත් ආදිය මිලදී ගැනීමටද එලෙසම තම නැගනීයගේ අවශ්‍යතාවයන් සහ ඇයගේ කටයුතු වලට ද යම් උපකාරයක් සැලසීය.
ඔහුට මෙම පහර දීම සිදු වූ පසුගිය පෙබරවාරී 24 වැනි සිකුරාදා දින උදෑසන ඔහු හනික හැද පැළද ගෙන පාසල් යාමට සුදානම් ව සිට ඇත. එහිදී මෙකී ජේ.ආර්. යනුවෙන් හදුන්වන තැනැත්තා පැමිණ ෂෙහාරට පවසා ඇත්තේ ඔහුගේ  රූපවාහීනී යන්ත‍්‍රය කැඞී ඇති බවත් පැමිණ එය සදා දෙන ලෙසයි. එහිදී ෂෙහාර පවසා ඇත්තේ තමන් පාසල් යාමට සුදානම් ව ඇති බවත් එදින පාසල් ගොස් පැමිණි වහාම ඔහුගේ රූපවාහිනී යන්ත‍්‍රය සදා දෙන බවයි. එහෙත්  ජේ.ආර්. නැමැත්තා පවසා ඇත්තේ කෙසේ හෝ මේ දැන්ම තම රූපවාහිාණි යන්ත‍්‍රය සදා දෙන ලෙසයි. නැවත ෂෙහාර පවසා ඇත්තේ තමාට පාසල් යාමට දැනටමත් පරක්කු වී ඇති බවයි. ඒ නිසා පාසල් ගොස් පැමින රූපවාහිනිය සදා දෙන බවද ඔහු පවසනවාත් සමගම මෙකී ජේ.ආර්. නැමැත්තා ෂෙහාරට පහර පිට පහර දී තිබේ. විශේෂයෙන්ම ෂෙහාරෙග් හිසට, කන් ආශී‍්‍රත ප‍්‍රදේශ වලට සහ මුහුණට ඔහු විසින් පහර දී තිබේ. මෙලෙස එක පිට එක වැදුනු දරුණු පහර 08 ක් 09 ක් හේතුවෙන් ෂෙහාර බීමට වැටී තිබේ. බිමට වැටුණු පසුවද ජේ.ආර්. නැමැත්තා ෂෙහාරට තවත් පහරවල් කිහිපයක් එල්ල කර තිබේ.  ෂෙහාරගේ මව වන අනුෂා විජේකෝන් නැමැත්තිය පවසන පරිදි පසුව ජේ.ආර්. නැමැත්තා විසින්  ඉතා තර්ජනාත්මකව පවසා ඇත්තේ ෂෙහාරට පහර දුන් සිදුවීම හැකි නම් පොලිසියට පැමිණිලි කරන ලෙසයි.
කෙසේ වෙතත් ෂෙහාරගේ මව තම පුතුට සිදු කළ පහර දීම පිලිබ`දව කටුවැල්ලේගම ප‍්‍රදේශය අයත් මිනුවන්ගොඩ පොලිසියට ක්‍ෂඊ ෂෂ 273 රැු 343 දරණ අංකය යටතේ පැමිණිල්ක් කර ඇත. ඉන් පසුව ෂෙහාරව මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව එහි 06 වැනි වාට්ටුවට ඔහුව යොමු කර තිබීනි. මීගමුව රෝහල් පොලිසියද මෙම පහර දීම පිලිබ`දව ෂඋෂඊ 200 රැු 198 දරණ අංකය යටත් වෙනමම පැමිණ්ලක් ද ගොනු කර තිබේ. එලෙසම ළමාරක්ෂක අධිකාරියටද ෂෙහාරගේ මව විසින් මෙම පහරදීම ගැන පැමිණිලි කර තිබේ. මේ කිසිදු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයාව මේ වන තෙක් අත්අඩංගුවට ගෙන හෝ ප‍්‍රශ්ණ කිරීමක් කර හෝ නොමැති බවද ෂෙහාරගේ මව අවධාරණය කරයි.
මේ අනුව දින 02 කට පසුව එනම් 26 වැනි දින ෂෙහාර ප‍්‍රතිකාර ලබා මීගමු රෝහලෙන් පිට ව ගොස් ඇත. එහෙත් ඔහුට කළ පහර දීම හේතුවෙන් ඔහුගේ දකුණු කණේ ඇසීම නිසි ලෙස සිදු නොවන බවත් මීගමු රෝහලේ කණ් නාස් හා උගුුර සම්බන්ධයෙන් සිටින විශේෂඥ වෛiවරයා හමුවට සෑම සතියකම බදාදා දිනයේ පැවැත්වෙන සායන වලට සහභාගී කරවන ලෙසත් දන්වා ඇත. එලෙසම ඔහුගේ මව පවසන්නේ මේ වන විට තම පුතු මෙම පහරදීමේ සිදු වීමත් සම`ග දැඩි මානසික කම්පනයකට පත්ව මානසික වශයෙන් විශාල ඇද වැටීමකට ලක් වී ඇති බවයි. වෙනදා ඔහු ඉතා අශාවෙන් සිදු කල තම අධ්‍යාපනික කටයුතුද මේ වන විට ඔහුට එපාවී ඇති බවත් පාසල් යාමට කිසිදු කැමැත්තක් නැති බවද ඇය එහිදී වැඩි දුරටත් අවධාරනය කලාය.
ඡායා -රේමන්ඩ් අපෝන්සු