ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසක් අදත් අත්අඩංගුවට..

0
178

කොතලාවල විශ්වවිද්‍යාල පනතට හා ආණ්ඩුවෙ ජන පීඩක කටයුතුවලට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ මේ පිරිස අද පාර්ලිමේන්තුව වට රවුමේදි උද්ඝෝෂණය නිරත වෙමින් සිටයදිය

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද අද (08) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයක් අතර තුර පොලීසිය විසින් පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ද අත්අඩංගුවට පත් පිරිස අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසු බවද වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය
පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

මේ අතර කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පළාත්සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, හිටපු පලාත්සභා මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ ඇතුළු 12 දෙනෙකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ලංකාවිව්ස් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ