ජෝශප්වාස් ආදි සිසුවෙකු වු යුපුන් අද ඔලිම්පික් තරග බිමේ ..

0
51

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 4 යි 15 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් බිහිවූ ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙල සදහා සහභාගි වනුයේ වසර 25 කට පසු මීටර 100 ය ඉසවුවෙන් සෘජු සුදුසුකම් ලබා ගත් එකම ශ්‍රි ලාංකික ක්‍රීඩකයා සහ දකුණු ආසියාවෙන් මෙම ඉසව්ව සදහා සුදුසු කම් ලබා ඇති එකම ක්‍රීඩකයා බවට පත් වෙමින් විම ඉතාමත් සුවිශේෂි වේ .

ඉතාලියේ රෝම නගරයේ පදිංචිව සිටින 26 හැවිරිදි යුපුන් අබේකෝන් වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.