ටෙන්ඩර් සටන රොයිස්ලා පාවාදුන්නාද ?

0
53

1මීගමුව මහනගර සභාව විසින් 2016 වසර සදහා විවිධ ක්ෂේත්‍රයන් සදහා ටෙන්ඩර් 18 ක් අළුත් ටෙන්ඩර් කැදවිම් වලින් තොරවම සම්මත කරගැනිමට ඇති සුදානම ගැන නගරයේ දේශපාලන උනන්දුවක් සහිත බහුතරයක් අතර ප්‍රධාන සංවාදයක් බවට පත්ව තිබුණි.
මේ පසුබිම තුල එක්සත් ජාතික පක්ෂය විසින් මේ අරභයා ගන්නා ක්‍රියාමාර්ගය ගැනද විවිධ කථා බහ තැන තැන ඇතිව තිබුණි.
විශේෂයෙන්ම අප වෙබ් අඩවිය මේ පිළිබදව පළකරන්නට යෙදුන විවේචනාත්මක ලිපියට ප්‍රතිචාර දැක්විම සදහා මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත ප්‍රමුඛ නාගරික මන්ත්‍රි මණ්ඩලය විසින් විශේෂ පුවත් පත් සාකච්ඡාවක් 2015 ඔක් 07 වනදා සවස කැදවා තිබුණි.