ටෙලිකොම් ,ජනාධිපති නියෝගය නොතකයි

0
78
Professinal web journalist logo

රාජපක්ෂ පාලනය  විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇතැයි ජනමාධ්‍ය විසින් වාර්ථා කර තිබුණද රජයට අයත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා මොබිටෙල් ආයතනය වෙබ් අඩවි වාරණය තවමත් එලෙසිමන්ම පවත්වා ගෙන යන  බව ‘ශ්‍රි ලංකා වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය’ පවසයි.

වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදිද සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ කල විමසීමකදී මංගල සමරවීර මහතා කියා සිටියේ, තාම මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා ගෙන් විමසා සිටි බවත්, වාරණය ඉවත් කරන ලෙස  ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් වැනි ආයතන වලට ඊයේ දිනයේම ලිඛිතව දැනුම් දුන් බව ඔහු සඳහන් කල බවත්ය.

වහාම වෙබ් අඩවි තහනම ඉවත් කිරීමට කටයුතු කරන බව ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසුරිය මහතා පොරොන්දු වූ බවත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.

ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ශ්‍රී ලංකා මිරර්, ද ඉන්ඩි පෙන්ඩන්ට්, ටැමිල් නෙට්, කලම්බු ටෙලිග්‍රාෆ්, ඉන්ෆොලන්කා නිව්ස් හා ලංකා ඩේලි යන ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ‘ශ්‍රී ලංකා වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය’ විසින් පැවැති රජයෙන් මෙන්ම එවක විපක්ෂයෙන් ද  ඉල්ලීම් කර තිබිණ.

ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ නිමල් වෙල්ගම මහතා වන අතර, එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ලලිත් ද සිල්වාය.
www.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here