ඩබල් ගේම් ගහන කාවින්දව අගමැතිට මාට්ටු ?

0
56

IMG-2e8ff76fb334094422b7681dd035b884-V

මීගමුව ආසනය යනු ගම්පහ දිස්ත්‍රික්කයට ජයගෙන ඒමට මගපාදමින් ලංසා පවුලේ සල්ලි දේශපාලනය ආපස්සට හැරවු ප්‍රධාන තැනකි.
ඒ හිටපු එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වය යටතේය.
තතු එසේව තිබියදි කල්යල් බලා අවස්ථාවාදි ආකාරයෙන් එජාප නායකයාට බලපෑම් කරමින් එජාපයට එරෙහිව ඡන්දය දෙන බවට තර්ජනය කරමින් කප්පම් ආසන සංවිධායකධුරයක් ලබාගෙන මිගමුවට පැමිණි පැරෂුට් කාරයෙකි.ට
ඔහුගේ නායකත්වය යටතේ සිදුවුයේ ලංසා පවුල වෙනදාටත් වඩා අනීතික වැඩවලට වැඩි වැඩියෙන් යොමුවිමය.
හේතුව නම් දැන් කාවින්ද ලංසා නිලනොවන හවුල් පාලනයක් මිගමුව නගරය තුල පැවැතිමය.
පසුගිය කාලය තුල රනිල්ගේ පැත්තට සිග්නල් දාගෙන සිටි කාවින්ද  දැන් සජිත්ගේ පැත්තට හරවා ඇත.
පසුගියදා බදුල්ලේ පැවති රැස්විමට ගොස් හරින් ප්‍රනාන්දුගේ නිවසේදි ඔහුවද හමුවි ඇත.,ක
මේ ගමන ගොස් තිබෙුනේ රාජපක්ෂලාව පන්නන්නට මොලෝ මළ බෝලයක් නොකළ තවත් සජිත්වාදි ගේම කාරයෙකු වන හෙක්ටර් අප්පුහාමි සමගින් ඔහුගේ වාහනයේය.( හෙක්ටර් අප්පුහාමි යනු රාජපක්ෂලා 18 වෙනි සංශෝධනය සම්මත කරගැනිමට කැසකවද්දි රාජපක්ෂලාගේ පළාත් සභාවෙන් චීන සංචාරයක් ගිය කූල්ටූර් මන්ත්‍රිවරයෙකි.)
දේශපාලන ප්‍රතිපත්ති නැති මෙවැනි දේශපාලකයන්ට ඇත්තේ රටේ අනාගතය ගැන න්‍යාය පත්‍රයකට වඩා අතිශය පුද්ගලික තනතුරු පිළිබදව හීන පෙරදැරිකරගත් අරමුණුය.
මීගමුවේ එජාප ශක්තිය මුළුමනින්ම අර්බුදයට යවමින් රනිල්ගෙන් ආසන සංවිධායකධුරයක් උදුරාගත් කාවින්ද දැන් හැරෙන්නේ කුමකටදැයි තතු සහිතව දැනගෙන සිටින රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක අරලිය ගහ මැදුරේ පැවැති හමුවකදි කාවින්ද ජයවර්ධනව ශත පහකට මායිම් කර තිබුනේ නැත.
කාර්දිනල්වරයාට වෙඩිනොවදින නිළරථයක් දෙමු යැයි කියා පක්ෂ නායකයාව අමාරුවේ දා තිබුනේ කාවින්ද යැයි පාක්ෂ අභ්‍යන්තරයේ පැතිර ගිය කථාවක්ද විය.
සජිත් ප්‍රේමදාසගේ ගම්පහ දිස්ත්‍රික් කළමණාකාරවරයාව පවා අන්දවාගෙන තමන් සජිත්ට බැහැල වැඩ යැයි පෙන්වා ලිම සදහා මිගමුවේ තැනින් තැන සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෝස්ටරයක්ද තම ගෝලබාලයන් ලවා අලවා තිබුණි.
කෙසේ වෙතත් දැන් කාවින්දගේ මේ දවල් මිගෙල් රැ දනියෙල් ගේම රනිල් වික්‍රමසිංහට මාට්ටු වි ඇත.