ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමට ගිය රාජ්‍ය නිළධාරින්ට චන්ඩිපාට් දාලා??

0
146
  dengu fogging මුන්නක්කරය මංකුලිය ප්‍රදේශවල ඊයේ  දින ඩෙංගු දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.මෙම වැඩසටහන සදහා මීගමුව නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරින් පිරිසක් සහභාගි විය.මෙම සිදුවීමට මුහුන දී තිබෙන්නේ මංකුලිය නිවසක් අසල නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටි නිළධාරින් හට එක් පුද්ගලයෙකු පැමිණ පවසා ඇත්තේ ගෙවල් පරික්ෂා කරන්න කලින් මාලු ලෙල්ලම පරික්ෂා කරන ලෙසයි.
පසුව මෙම නිළධාරින් හට මංකුලිය සාන්ත අන්තෝනි දේවස්ථානය අසලදි කිසියම් පිරිසක් තර්ජනය කර ඇත්තේ එම නිරීක්ෂණ කටයුතු නවත්වන ලෙසයි.මෙම පිරිස අතරට ප්‍රදේශවාසින් හා හිටපු එජාප මන්ත්‍රීවරයෙකු සම්බන්ධව සිට ඇතැයිද  වාර්ථා වේ.
 මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදි මීගමුව ප්‍රධාන මහජන පරීක්ෂකවරයා සදහන් කර සිටියේ නගරයේ ජනතාව රාජ්‍ය නිළධාරින් හට නිසි ලෙස තම රාජකාරි කිරීමට අවස්ථාව නොදෙන බවයි.මේ පිළිබඳ දැනුවත් වී හෝ සහයෝගය ලබාදෙන මෙන් මීගමුවේ ජනතාවගෙන් ඉල්ලා  සිටි.