ඩෙංගු රෝගින් මදුරුවන්ට නිරාවරණය විම නිරෝගි ජනයාට මරාන්තිකයි !

0
88

ward no 03 Gමේ දිනවල ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍යවලට මීගමුව රෝහල ගැන තළුමරන්නට රසවත් මාතෘකාවන් ලැබි ඇති සෙයකි.
එනම් මීගමුව රෝහල ඩෙංගු මදුරුවන් බෝකරන බව කියමිනි.
මීගමුව හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මෙහි දේශාපාලන ප්‍රකාශය වි ඇති අතර සිරස ඇතුළු මාධ්‍ය ගණනාවකට පුවත් සපයන රංජිත් පර්ඩිනැන්ඩස් මෙහි මාධ්‍ය අංශයේ ප්‍රචාරකයා වි ඇත.
පසුගිය දිනක මීගමුව රෝහලේ දරු ප්‍රසුතියකින් දින 2 කකට පසු මවක මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ අය උත්සාහ ගෙන තිබුනේ මිගමුව රෝහල ඩෙංගු මදුරුවන් බිහිකරන තැනක් සේ කියා මීගමුව රෝහලට හංවඩුවක් ලබාදිමටය.
මිය ඒ තරුණ මවට ඩෙංගු බෝවන්නට ඇත්තේ ඇය මිගමුව රෝහලට ඇතුළුත් වු පසුවම විය යුතුය.
ඒ ගැන ඇයගේ ස්වාමිපුරුෂයා විසින්ද මාධ්‍ය හමුවේ කරුණු කියා තිබුණි.

ඩෙංගු රෝගය වැළදි ගිය මව
ඩෙංගු රෝගය වැළදි ගිය මව

එහි හඩ පටයද අප සතුය.
එහිදි රංජිත් ෆර්ඩිනැන්ඩස් මහතා බිරිද මිය ස්වාමිපුරුෂයා ලවා කටට වචනය දි රෝහල ඩෙංගු බෝකරන තැනක් කියන සිය පුවතට සාක්ෂි ලබාගන්නා ආකාරය පැහැදිලිය.
ඩෙංගු වැළදුන රෝගින් 700 කට ආසන්න ගණනක් සිටින මීගමුව රෝහලේ 99% ක්ම සිටින්නේ මදුරුවන්ට නිරාවරණය වු රෝගීන්ය,
ළමා වාට්ටුවේ ඇදන් කිපයක ඇරෙන්නට අනෙකුත් වාට්ටු 8 න් කිසිදු වාට්ටුවක ඩෙංගු රෝගින් මදුරුවන්ට නිරාවරණය විමට ඇති ඉඩකඩ වලකා ලිම සදහා පියවර ගෙන ඇති බවක් නොපෙනේ.මන්ද අනෙක් බොහොමයක් වාට්ටුවල අගුපිල් ගානේද  රෝගින් වැතිර නිදන බැවිනි.
මෙය යථාවකි.
මීගමුව සහ විශේෂයෙන්ම රෝහල මුහුණ දි ඇති ඩෙංගු අධිවංසගත තත්වය හමුවේ දේශපාලකයන්ගේත් මාධ්‍ය කරුවන්ගේත් වගකිම විය යුත්තේ ලාභ ජනප්‍රියත්වය සිතා ලග නවන එක නොවිය යුතුය.
මීගමුව රෝහල තුල පිරිසිදු කිරිම සහ පවිත්‍රතා සේවාවන් වෙනුවෙන් කටයුතු කරනු ලබන සේවා ආයතනය සිය වාර්ෂික ටෙන්ඩරයේ කොන්දේසි ප්‍රකාරව අදාල සේවකයන් ගණන පමණක් සේවයේ යොදවා තිබේ.
තතු එසේ නම් වෙනදාට වඩා විශාල ගුණයකින් වැඩිවි ඇති රෝගින් නිසාම විශාල පවිත්‍රතා ප්‍රශ්ණයක් පැන නැගි ඇති බව දැන් වඩාත් පැහැදිලිය.
ඉතින් අප කළ යුතු ඇත්තේ යතුර වැටුන තැන සේවිම මිස එළිය ඇති  තැන යතුරු සෙවිම විය යුතුය.