ඩෙංගු සදහා අත්‍යවශ්‍ය වාර්ථා පැය භාගයක් ඇතුලත ලබාදීමට තීරණයක්..

0
74
පසුගිය සෙනසුරාදා (ජුනි 17) වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග පැවැති සාක්ච්ඡාවකදී ඒ මහතාගේ ඉල්ලීමකට අනුව ඩෙංගු රෝගය සදහා වන ප්‍රධාන රසායනාගාර පරික්ෂාවන් හැකි ඉක්මනින් ඉතාමත් කෙටි කාලයකදී ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය(Sri Lanka Society for Medical Laboratory Science) සදහන් කර තිබෙනවා.
ඒ අනුව ඩෙංගු රෝගින්ට ප්‍රතිකාර කිරීම සදහා අත්‍යවශ්‍ය වන ඩෙංගු ප්‍රතිදේහ හා ප්‍රතිදේහජනක වාර්ථාව (Dengue Antigen or Antibody tests) හා සම්පූර්ණ රුධිර වාර්ථාව (Full Blood Count ) යන වාර්ථා පැය භාගයක වැනි කාලයකදී ලබාදීමට කටයුතු කරන බව එහිදී එම සංගමය සදහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම ඩෙංගු වසංගත තත්වයක් පවතින රෝහල් වන මීගමුව මූලික රෝහල හා IDH යන රෝහල් ආශ්‍රිතව මෙන්ම මේ වසංගත තත්වයටගොදුරුවී ඇති ප්‍රදේශළුල ඇති රෝහල් ආශ්‍රිතව නව රසායනාගාර ඇති කිරීමටත් කටයුතු කරනබවත් එම සාකච්ඡාවේදී සදහන් කෙරිණි. ඒ අනුව මේ තීරණ එළඹෙන බදාදා දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
dengue-test2