ඩෙංගුවලින් සිය පාසැලේ දරුවන් බේරාගත් ”පෝල් සර්” ගේ ඊළඟ පිම්ම …?

0
316

IMG-20200114-WA0007පෝල් පෙරේරා නම්වූ ඔහු මීගමුව දකුණ ජාත්‍යන්තර පාසැල් ජාලයේ නිර්මාතෘ සහ අධිපතිය.

අධ්‍යාපන කේෂ්ත්‍රයේ පතාක යෝධයෙකි.
දේශපාලන කේෂ්ත්‍රයේද කරණම් ගැසුවෙකි.
එමෙන්ම විවිධ දෑ ගැන ඇසූපිරූතැන් ඇත්තෙකි.එවැන්නෙකුගේ දැනුම කුසලතාවන් ඉදිරියේදි අයෝජනය වන්නේ කෙසේදැයි අප විමසා සිටියෙමු.

මීගමු නගරයේ පරිසරය ගැන කතා කළොත් එය ක්‍රමවත් බවක් නැතැයි කියල තමයි මට හිතෙන්නෙ. විශේෂයෙන් නගරයේ කානු තිබුනට ඒ කානු සුද්ධකිරීම එ වගේම ඒ කානුවල වතුර ගලාගෙනයාම නිසිවිදිහට සිදුවෙනවා කියල කියන්න අමාරුයි. නඩත්තුවක් සිදුවෙන්න ඔනෙ. මේ නිසා තමයි ඩෙංගු විශාල වශයෙන් මීගමුවෙ පැතිරිල තියෙන්නෙ. අද මිගමුවෙ හොස්පිටල් එකේ ඩෙංගු රෝගීන් දෙතුන් සියයක් ඉන්නව. මේකට හේතුව තමයි පරිසරයේ තියෙන අපිරිසිදු ස්වභාවය. ඒ නිසා මේකෙදි අපි කාටත් ඇගිල්ල දික් කරනවට වඩා තමතමුන් මේ ගැන උනන්දුවෙනව නම් පරිසරය පිළිබදව මේ ව්‍යවසන වලට අපි ලක් වෙන්නෙ නෑ කියල තමයි හිතෙන්නෙ. මම ලොකු පාසැල් ජාලයක් කරන විදුහල්පති වරයෙක් හැටියට සතියකට වරක් එහි සුන්දර බව ළමයි ලවා රදව ගන්නවා.
ඉතින් මේ පාසැලේ ඩෙංගු මදුරුවන් ඇත්තෙන්ම පිහිටන්නෙ නෑ. ඒ නිසා ඩෙගු වලින් එන භීතිකාව අපේ පාසැල් දරුවන්ට කොහෙත්ම නෑ. ගෙවල්වල තියෙන තත්වයන් ගැන අපට යමක් කියන්න අමාරුයි. නමුත් නගරය ඉතාමත් පිරිසිදුව තිබේනම් මේ වගේ ව්‍යසනවලට ලක්වෙන්නෙ නෑ කියනඑක තමයි කියන්න පුළුවන්.

මීලගට අප විමසා සිටියේ ඔහු විසින් ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික ව්‍යාපෘතියක් පිළිබදවය.IMG-20200114-WA0006

ඇත්තෙන්ම අපේරට කර්මාන්ත කරණය සහිත රටක් නොවෙයි.කෘෂිකාර්මික රටක් වශයෙන් තමයි හැමෝම දන්නෙ. ඒ නිසා කෘෂිකර්මය ගැන කතාකලාට මේක ක්‍රියාවෙන් කරන අය හරි අඩුයි. ඇත්තෙන්ම මගෙ අක්කර 157 ක ලොකු වත්තක් තියෙනව. මේක දැනටමත්කෘෂිකර්මයෙන් පුරෝල තියෙන්නෙ. ඒ වගේම මීගමුව ගත්තහම අපි මාළු ගැන කතාකරනව. ධීවර ප්‍රෙද්ශ මීගමුව පුරා තියෙනව. අපේ රට වටේම තියෙන්නෙ මුහුද. ඒ වුනත් අපි මේවායින් ප්‍රෙයා්ජන ගන්නවා කියනඑක හිතන්න අමාරුයි. ඒක තමයි අපි ආදර්ශමත් වෙන්නෙ. කෘෂිකර්මය සහ ජලජීවී විද්‍යාව විශේෂයෙන් මේ මාළු පිළිබදව දරුවන්ට උගන්වල ඒ දරුවන්ගෙ ඉදිරි අධ්‍යාපන රටාව තාක්ෂණ පැත්තෙන් ගෙනියන්න මගෙ ලොකු උත්සාහයක් තියෙනව. ඒ වගේම මේ ජලජීවී විද්‍යාව, කෘෂිකර්මය සහ අපේරටේ හුගක්ම සංචාරක පැත්තට බරවෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් මේ ළමයි සම්බන්ධ කරල අපි මේ වත්තෙ ඔසු උයන් එහෙම කරගෙන යනව. ඒ නිසා අපට පිටරට ප්‍රජාව මේ ආයුර්වේදය හරහා කෘෂිකාර්මික ආයුර්වේදය, ඒ වගේම ජලජීවී කෘෂිකර්මය මේ සේරම එකට සම්බන්ධකරල එකට ගොනුකරල , විශේෂයෙන් පිටරැටියන්ව මේකට ගෙන්නල ඒ ගොල්ලන්ටත් මේව හදුන්වලදීල අපි ටිකක් ඉහළ මට්ටමක ඉන්න පිරිසක් ලෙස ලෝකෙට පෙන්නල දෙන්න තමයි යන්නෙ. ඒ නිසා කෘෂිකර්මය අතින් ආදර්ශමත් පාසැලක් කරන්න හදන්නෙ. මොකද කෘෂිකර්මය පටන් ගන්න ඕනෙ පාසැලෙන් . එතකොට තමයි ගම කෘෂිකර්මය පැත්තට බර වෙන්නෙ. ළමයි මේ්කට සම්බන්ධවුනහම මේකෙ ව්‍යාප්තිය ගෙනියන්න මැදිහත්වෙයි. සමහරවිට විදේශ රටවල් සමග වැඩ කරන්න හුරුවෙයි. ඒ නිසා කෘෂිකර්මය කියන්නෙ හුගක් දියුණු කරන්න ඕන එකක් විදිහට තමයි මමනම් දකින්නෙ.

පෝල් සර් කියන්නෙ දැනුම් ගබඩාවක්. එම දැනුමෙන් තවමත් මීගමුව ප්‍රෙයා්ජනයක් ගත්බවක් නම් පේන්න නෑ. පැයකින් දෙකකින් මේව මතුකර ගැනීමත් අපහසුයි.මෙම කාලය තුළ පාසැලේ දරුවන්ගේ වැරදි හැසිරීම් ගැන, ඔවුන්ගේ ආර්ථිකය සහ අධ්‍යාපනය ගැන ආදී වශයෙන් විවිධ දෑ සාකච්ඡා විය. නමුත් මේවා සියල්ල සටහන් තබා ගැනීමද දුෂ්කරය. එනිසා අප කළ කතාබහ තුළ ඔහු ඉදිරිපත් කළ අදහස් යම් ප්‍රමාණයක් අපේ තොරතුරු මල්ලට දමා ගනිමින් මෙදින සමුගත්තේ නැවත හමුවන අදිටනින්ය.