ඩේව් වට්මෝර් නැවතත් ශ්‍රීලංකාවට…

0
80

prv_c4d85_1487594835

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලොව පුරා දක්ෂ පුහුණුකරුවන් විශාල පිරිසක් යටතේ පුහුණුවීම් ලැබුවත් ඩේව් වට්මෝර් තරම් ශ්‍රීලාංකිකයන්ගේ ආදරය හා ගෟරවය දිනාගත් පුහුණුකරුවෙකු නැති තරම්. ඒ ලෝක කුසලානය දිනා ගැනීම සදහා කණ්ඩායම පුහුණු කල පුහුණුකරුවා වීම නිසයි. ඔහු දෙවරක් ශ්‍රීලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස තම සේවය ලබා දී ඇති අතර ඒ 1995-1997 හා 1999-2003 අතරතුරදීයි.

ඔහු නැවතත් ශ්‍රීලංකාවට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රීලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසනම් නොවේ. ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙසටයි. ශා.තෝමස් විදුහල විසින් ඩේව් වට්මෝර්ගේ සහය ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ රාජකීය විද්‍යාලය සමග ඉදිරියේදී පැවැත්වෙන BIg Match එක සදහාද බවත් වාර්ථා වනවා.

 

 

http://www.cricbuzz.com ඇසුරිණි.