තම දියුණුවට අතදුන් තිරිසන් ගවයකු වෙනුවෙන් වසර 37ක් පුරා පිංකම් කරන ව්‍යාපාරිකයෙක්

0
48

1550,0,0,0,333,256,361,2,2,155,57,1,0,100,0,1957,1949,2158,1185797

තමාගේ ව්‍යාපාරික කටයුතුවලට අතදෙමින් තමාව සමාජයේ යහපත් පුරවැසියකු කිරීමට අතදුන් තිරිසන් ගවයකු වෙනුවෙන් එම සතා මියගිය දින සිට මේ දක්වා වසර 37 ක් තිස්සේ මහා සංඝරත්නය නිවසට වැඩමවා දානමය පිංකම් සිදුකරන දුර්ලභගනයේ අයෙකු පිළිබද පුවතකි මේ-
ඔහු නමින් සුනිල් ඇලෙක්සැන්ඩර් වන අතර ඔහුගේ ලිපිනය ඉහල කොට්ටරාමුල්ල පහල කොට්ටරාමුල්ල වේ.
සුනිල් මහතා අද මහා පරිමාණයේ ව්‍යාපාරිකයකු වුවද ඔහු මෙයට වසර 45  කට පමණ පෙර දුප්පත් අසරණයෙක්ව සිටි බව ඔහු කියා සිටී-ගොනා බැදි කරත්තයෙන් ව්‍යාපාරික දිවිය ඇරඹූ ඔහු අද වාහන රැසක හිමිකරුවකු වුවද ඔහුට ඔහුගේ අතීතය අමතකවී නොමැති බව ඔහු කියා සිටී-
තම කරත්තයට බදින තිරිසන් ගවයාව දෙවියකු ලෙස සලකා එම සතාට දරුවකුසේ ආදරය කල සුනිල් මහතා එම සතා හැදින්වූයේ 'හදයා ' නමැති සුරතල් නමකිනි.
තමාව යහපත් පුරවැසියකු හා දානපතියකු කිරීමට වෙහෙසුනු මෙම ගවයාට තිරසනකු ලෙස නම් කිරීමටද අකමැත්තක් දක්වන සුනිල් මහතාගේ ජීවිතයේ වේදනාත්මක දිනය එම සතා මියගිය දිනය බව ඔහු පවසන්නේ තම දෙනෙත් කදුලින් පුරවාගෙනයයි කිවහොත් කිසිවකු පිලි නොගන්නවා විය හැක-
හදයා මියගිය දිනයේ තරම් තමා දුක්වූ තවත් දිනක් නැතැයි කියන සුනිල් මහතා එම සතාට පිංපතා එම දේහයට අවසන් කටයුතු හා ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු එදින සිට සෑම වසරකම වසරේ අවසාන පුරපසලොස්වක් පොහෝ දින මහා සංඝරත්නය නිවසට වැඩමවා පිරිත් සජ්ජායනය කොට ධර්මදේශනා පවත්වා ගම්වාසින්ගේද සහය ඇතිව එම සතාට පිංදෙමින් දානමය පිංකමක් සිදුකරන අතර 2017-12-03  සිදුකරන්නේ 37 වන පිංකමයි-
තම නිවස අසල පිහිටි කොට්ටරාමුල්ල ඉසිපතනාරාම විහාරස්ථානයේද එදින එම ගවයා වෙනුවෙන් ධර්මදේශනා හා ආගමික වතාවත් සිදුකරන අතර උපාසක උපාසිකාවන්ට හා ගම්වාසින්ට දානය බෙදාදී තෑගිබෝගද ලබාදෙන සුනිල් මහතා දහම්පාසැල් දරුවන්ට ද පොත්පත් බෙදාදෙයි-
තමන් දිනපතා හරිහම්භ කරන දෙයින් සුලු මුදලක් දිනපතා ඉතිරිකරමින් මෙම මහා පිංකමට සූදානම්වන සුනිල් ඇලෙක්සැන්ඩර් මහතා රටට දැයට ආදර්ශමත් අයෙකි.
තමා හැදුවැඩූ දෙමාපියන්ට පහරදී ගසා මරාදමන සමාජයක තිරිසන් සතෙකු වෙනුවෙන් මොහු කරන මේ පුණ්‍ය ක්‍රියාව තම ගමටත් රටටත් මුලු ලොවටත් උතුම් ආදර්ශයක්වී හමාරය.
සුනිල් ප්‍රනාන්දුපුල්ලේ