තමන් ඇදහූ දෙවියන් කෙරෙහිම විශ්වාසය තබන්න ! මියගිය සියළු දෙනා වෙත අපිරිමිත කරුණාව දයාව දෙවියන්ගෙන් අයදින්න !

0
202

DSC_0170 දැනට  දින  තුනක්  ගතවි ඇති  මීගමුව  කටුවපිටිය  ශාන්තසෙබස්තියන්  දේවස්ථානයේ  ඛේදවාචකයේ  මියගිය  අය  සම්බන්ධ  සිදුකෙරෙන  අවසන්  කටයුතු  සිදුකිරීම  උදෙසා   අදදින අතිවිශාල  ජන ගඟක්  කටුවපිටිය  දේවස්ථානය  වෙත  එක් රොක්වනු  පෙනින. පියතුමන්ලා,  කන්‍යාසොයුරියන්, සංඝ්‍යාවහන්සේලා  ඇතුළු  අනෙකුත්  ආගමික  නායකයින්  රැසක් සහ  දේශපාලකයින් විශාල පිරිසක්  මේ  සඳහා  සහභාගිවිය. මේ  අවස්ථාවේදී  අගරදගුරු  මැල්කම්  රංජිත්  පියතුමා    විශේෂ  කථාවක්  පැවැත්වූ  අතර  එය  ජනතාවගේ   අවබෝධය  සඳහාවූ  විශේෂ  කථාවක්  විය.

උන්වහන්සේ  ප්‍රකාශකළේ  මෙම  අවස්ථාව  මිනිසුන්ගේ  සිත් හැරීමේ  අවස්ථාවක්  බවට  පත්කරගතයුතු බවයි.තමන්  ඇදහූ  දෙවියන්  කෙරෙහි  විශ්වාසය  තබා  කටයුතු  කරන  ලෙසත්,    මියගිය  සියළු  දෙනා  වෙත  අපිරිමිත  කරුණාව,  දයාව  දෙවියන්ගෙන්  අයැදින  ලෙසත්  උන්වහන්සේ  පවසන  ලදී.

තවදුරටත්  අදහස්  දැක්වූ  උන් වහන්සේ  අහවල්  අය  සම්බන්ධයැයි  කියමින්  ,  අහිංසක  මිනිස්සුන්ට  කරදර  නොකරන  ලෙසත්,  සියළුදෙනාටම  අපි  මෙත්සිතින්  තටයුතු  කළයුතු  බවත්,  ඒ අනුව  කටුවපිටිය  ජනතාව  ලෙස  අපි  ආ‍දර්ශයක්  දියයුතු බවත්  ප්‍රකාශකරන  ලදී.    එසේම රෝහලේ  වේදනාවෙන්  කෑගසන  අයටත්  අපි  දෙවියන්ගේ  ආශීර්වාදය  පතමු. දෙව්මැදුරට  එන්න,  බයවෙන්න  එපා.  ශාරීරිකව    මරරුනත්  අපි  ජීවත්වෙනව.අපි  ක්‍රිස්තු  විශ්වාසයට  සාක්ෂි  දරමු.  කිසිවෙකුට  කරදර  නොකරමු.  මියගිය  සියළුදෙනාගේ  නම්  ගලක  කොටා  සිහිවටනයක්  සකස්කරමු.  මේ  සියළුදෙනා  ප්‍රාණ පරිත්‍යාග  වරුන්  වශයෙන්  තමයි  මම  දකින්නෙ.  ඒ  අය  උතුම්,  වටින  අපේම  සම්පත්  ලෙසයි  මම දකින්නෙ.

 DSC_0240 DSC_0099 DSC_0149 DSC_0153  DSC_0193 DSC_0197 DSC_0214 DSC_0219 DSC_0228 DSC_0229 DSC_0239

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here