තරුණයෙකු ගස් බැඳ සැමරූ අපූරු උපන්දින සාදයක්..

0
74

811ee8c6a6099f27238727891f77f6c5

මීගමුව , පෙරියමුල්ලේ   කලින්  පිඟන්  කර්මාන්තශාලාවට  යන  පාරේ  (පාතිමා  පාර)  තරුණයින්  කිහිප දෙනෙකු  එකතුවී  අමුතුම  ජාතියේ  උපන්දිනයක්  සමරා  ඇත. වයස  අවුරුදු   17ක් 18ක්  පමණ  වන  මොවුන්  අදාල  මිතුරා ගේ  උපන්  දිනය  සිහිකිරීම  උදෙසා  ඔහු  කුදලා ගෙන  පැමිණ   ඉහතකී  පාරේ  ඇති  ලයිට්  කනුවක   ගැටගසා  ඇත. ඉන්පසු   මේ  අසලින්  ගලා  බසින  කුණු  කාබුවේ  කුණු  වතුර  වලින්   මේ  තරුණයා  නාවන  ලදී.  ඉන්පසු   මෙකී  ස්ථානය  අසල  සිටින  ජූඩ්  මහතාගේ  නිවසට  පැමිණි  එක්  තරුණ  ළමයෙක්   බකට්  එකකට  වතුර  ටිකක්  ඉල්ලා  ඇත.  පසුව  මෙම  සිද්ධිය  ගැන  විමසා  බැලූ  ජූඩ්  මහතා  මෙකී  කටයුත්තේ  යෙදුණු   තරුණයින්ට  බැන වැදී  පලවා  හැර  ඇත.
මෙය සිදුව  තිබුනේ පසුගිය  (16දා) රාත්‍රි  8.30ට  පමණය.
මේ නිහින ක්‍රියාව ගැන   මේ  දරුවන්ගේ  දෙමව් පියන්  නොදන්නා  බව  ජූඩ්  මහතා  පැවසීය.

ජූඩ්  මහතා    අදාල  තරුණයාගෙන්   පසුව  මේ  පිළිබඳව  විමසූ  අවස්ථාවේ  ඔහු  ප්‍රකාශ  කර  ඇත්තේ  යාළුවොනෙ   මොනව  කරන්නද?  කියාය.  ඉහතකී   කුණු   කානුව  යනු    සතුන්ගේ  අපද්‍රව්‍ය,  සෙම, සොටු,  මූත්‍රා  ආදී  වශයෙන්  මිනිස්  අපද්‍රව්‍ය  සහ  සතුන්ගේ  විවිධ  අපද්‍රව්‍ය   එකතුවූ  වතුර  ගලාගෙන  යන  තැනකි. ඉන්  ගන්නා  වතුරෙන්   ඉහතකී  තරුණයා   නෑවීමෙන්   යම්  වරදක්  වී  නම්   සිදුවන්නේ  කුමක්ද?

මෙම  සිදුවීම  පිළිබඳව  යමෙකුට   සිනහ විය  හැක.  තවත්  අයෙකුට  මෙකී  තරුණයින්  පිළිබඳව  දුක්විය  හැක.නමුත්  එසේ  සිනහවීමෙන්වත්,  කඳුළු  සලා  හැඬීමෙන්වත්  පලක්  නැත.  සිදුවීම්  සිදුවන්නේ  කොක්හඬලා  සිනාසීමටවත්, පොලොවෙ  හැපෙමින්  හැඬීමටවත්  නොව  කරුණු  තේරුම්  ගැනීමට  බව  එක්  දාර්ශනිකයෙකු  පවසා  ඇත්තේ  එබැවිනි.  මේ  දරුවන්ගේ    දෙමව්පියන්  කිසිසේත්ම  මෙවැනි  ක්‍රියාවන්  අනුමත  නොකරන  බව  අපි  දනිමු.  නමුත්  ඔවුන්ට   දරුවන්  ගැන  මීට  වඩා  යම්  සොයා බැලීමක්   කළයුතුව  ඇති  බව  අපගේ  විශ්වාසයයි. එසේම  දරුවන්ගේ  පැත්තෙන්   තරුණකම  පෙන්නීමට  ගොස්  මහ  විනාශයන්  කරගත්  අත්දැකීම්  ඕනෑ  තරම්  ඇති  රටක්  හෙයින්  ,  යමක්  කරන්නට  කලින්  සිතා  බලන  ලෙස  අපි  අවධාරණය  කරන්නෙමු.