තරුණියක් රැවටූ කෝටිපති මනමාලයා රක්ෂිත බන්ධනාගාරයට

0
247

ව්‍යපාරිකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුවත් පත්වල මංගල දැන්විම් පළකර බොරු පොරොන්දූ දී කාන්තාවන් රවටා විවාහ කර ගන්නා බවට කෝටිගණන් මුදල් වංචා කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත වැඩිදුර විමර්ශන  මෙහෙයවා එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්  කරන ලදී.
පැමිණිලි කර ඇති පුද්ගලයා විසින් තම අනාගත බෑණා විමට සිටින මෙම සැකකරුට  ඔහුගේ ව්‍යපාර කටයුතු දියුණු කර ගැණිමට වරින් වර රුපියල් එක්කෝටි හතලිස් පන් ලක්ෂ හැට හතර දහස් පනහක් ලබා දී ඇති අතර ටික කලක් ගතවන විට සැක කරු තමන්ව මග හරිමින්නට පටන් ගෙන ඇත.
පසුව ඔහු ගැන සොයා බලන විට කුලී පදනම මත ලබාගත් වාහන වලින් තම නිවසට පැමිණ දියණිය විවාහ කර ගැනීමට පැමිණි ඇති බව දැන ගැනීමට හැකි වු බව දියණියගේ පියා විසින් මිගමුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
ජපන් වාහන ගෙන්වා මෙරට අලවි කරන ආයතනයක කෝටිපති හිමිකරුවකු ලෙස පෙනී සිටිමින් ෙමි තැනැත්තා කාන්තාවන් මුලා කර ඇතැයි පොලිස් පරික්ෂණ වලදී අනාවර්ණය වි තිබේ. මොහු  ජා ඇල පාරිස් පෙරේරා මාවතේ පදිංචි 32 හැරදි පුද්ගලයෙකුය.
පියා විසින් තම දියණිය පලමු විවාහයෙන් වෙන්වි සිටින දියණියට සහකරුවකු සොයන බවට පුවත් පතක පල කරන ලද  දැන්විමකට අනුව දූර කථන සංවාදයකින් පසු සැක කරු හදූනාගෙන තිබේ.
ඒ අනුව දිනකට අති සුඛොපබෝගී වාහන වලින් පැමිණිලිකරුගේ නිවසට වරින් වර පැමිණ ඉහල පෙලේ ධනවත් පුද්ගලයෙකු බවට සැක කරුගේ  ප්‍රතිරුපය පෙන්වා දී ඇත.
මිගමුව පොලීසිය විසින් තරන ලද විමර්ශණ වලදී මෙ සැක කරු මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් කඩවත මහෙස්ත්‍රාත් අධිකරණයේත් නියොගයක් අනුව රක්ෂිත බන්දනාගාර ගතව සිටි අයකු බවට හදූනාගෙන ඇත.
මෙම සැකකරු මෙම මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය.