තලාදුවේ Room බිස්නස් එක පිටුපස්සේත් ඉන්නේ ලංසාලා ? කතෝලික පියතුමන්ලාගේ විරෝධය ?

0
69
dav

dav

තලාදුව පාරේ ස්ථාපිතව ඇති පුද්ගලික පංති වලට එන දරුවන් ඉලක්ක කොට ගෙන පවත්වාගෙන යන කාමර සැපයිමේ ජාවාරම පිටුපස සිටින්නේද ලංසා පවුලේ අයවලුන් බව වඩාත් විශ්වාස වන්ත ලෙස අනාවරණය වි තිබේ.
මේ පිළිබදව ඊයේ පැවැති විශේෂ රැස්විමකදි මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අවධානයට ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලා විසින් මෙම කරුණ ඉදිරිපත් කොට  තිබුණි.
එහිදි මීගමුව පොලිසිය විසින් පියතුමන්ලා හට පොරොන්දු වි ඇත්තේ ඒ පිළිබදව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන බවය.තලාදුව ප්‍රදේශවාසින් විසින් මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙතද මේ ගැන සදහන් කරමින් පෙත්සම් යවා ඇති බවද සැලය.
මීපුර වෙබ් අඩවිය අමතා අදහස් ඉදිරිපත් කළ ප්‍රදේශවාසියෙකු සදහන් කර සිටියේ තලාදුවේ පිහිටි ප්‍රධාන උපකාර පංති කේන්ද්‍ර වි ඇති ස්ථාන දෙකක මෙසේ කාමර කුලියට දිමේ එකම අරමුණ වි ඇත්තේ එන එන පාසැල් දරුවන් ඉලක්ක කොට ගෙන බවත් මුදල් ඉපයිම සදහා දරුවන් යොදාගැනිමට තරම්  අවස්ථාවාදින් වු ලංසාලට සම්බන්ධ පිරිස් විසින් මෙය පවත්වාගෙන බව ප්‍රදේශවාසින්ට තවදුරටත් රහසක් නොවන බවත්ය.