තලාදූව මාර්ගය තාවකාලිකව වසා දැමේ !

0
142

තලාදූව මාර්ගය ඔස්සේ මීගමුව නගරයේ සිට හලාවත – කොළඹ මාර්ගයේ ගල්කන්ද හංදිය දක්වාත් ගල්කන්ද හංදිය දෙස සිට මීගමුව නගරය දෙසට ධාවනය කරන වාහන සඳහා විකල්ප රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරඇති බව පොලීසිය පවසයි.

ඊයේ (26) සිට එළඹෙන 28 වනදා දක්වාය. 

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ – මීගමුව දුම්රිය ස්ථාන අතර සැතපුම් 23 දම්වැල් 6 ස්ථානයේ තලාදූව පාර හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා ද්විත්ව දුම්රිය හරස් මාර්ග යොදා සංවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

අද (26) උදෑසන සිට එළඹෙන 28 වනදා උදෑසන 6.00 දක්වා ඊට අදාළ කටයුතු සිදු කිරීමට නියමිතය.

විකල්ප මාර්ග පිළිබඳ විස්තර පහතින්.