තලාදූවේ ප්‍රජා පොලීසියෙන් ගමට සත්කාරයක්

0
335

(10.29am)ගමට පොලීසිය සංකල්පය අනුව තලාදූවේ 160/A ග්‍රාමසේවා වසමේ පිහිටි ප්‍රජා පොලිස් මුරපොළ විසින් ඊයේ (17) වනදින පෙ.ව.10 සිට 2 දක්වා  වෛද්‍ය සායනයක් හා ප්‍රතිකාර ලබාදීමත් රියදුරු බලපත්‍රය ලබාගැනීමට මූලික කටයුතු සලසා දීමත් යන සමාජ සත්කාරක වැඩසටහන්  එම ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන ලදී. මෙම වැඩසටහන ආරම්භ කිරීම සදහා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර් වුඩ්ලර් මහතා සහභාගී විය.
තලාදූව ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිදානය කළ මෙම වැඩසටහනට  මීගමුව සත්කාරක සිංහ සමාජයේ  (LCIF ) දියවැඩියා ව්‍යපෘතියේ සභාපති  සුනිල් වටවල සහ සම්බන්ධීකාරක වෛද්‍ය ලොරෙටා වර්ණකුලසූරිය සහභාගී වූ අතර මීගමුව රෝහලේ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් මෙන්ම හෙදියන් ඇතුළු නිලධාරීන්ද මෙම සායනයට සිය දායකත්වය ලබාදෙන ලදි.

DSC_0804 DSC_0803 DSC_0799 DSC_0796 DSC_0794 DSC_0793