තවත් ඇමතිවරයකු උස්සන්න යයි : ‘ළඟදීම බලාපොරොත්තු වන්න’ – සුනන්ද කියයි

0
83
ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ පළමු පියවර තබා ඇති බවත්, මෙය සිංගප්පූරුවේ නරකම ආකාරයේ විකෘතියක් බවත් ඉදිරි දිනවලදී අවම වශයෙන් තවත් හිටපු ඇමතිවරයෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය ට්විටර් ගිණුමේ ‌‌සටහනක් තබමින් සඳහන් කරයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිවසට හදිසියේම කඩා පැන ඔහුව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමේ පුවත උපුටා දක්වමිනි.

Screen Shot 2019 12 19 at 8.42.54 AM
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස සිය නිවසට ඇතුළු වූ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිස අමතමින් හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසුයේ, කතානායකවරයාට හෝ අධිකරණයට කිසිදු දැනුම් දීමකින් තොරව මෙසේ තමන් අත්අඩංගුවට ගැනීම “නීති විරෝධී” බවයි.

මීලගට ජම්පර රාජිතට..? – ලංකා සී නිව්ස් කියයි 

මේ අතර ආණ්ඩුවට හිතවත් ‘ලංකා සී නිව්ස්’ වාර්තා කර ඇත්තේ, ”මීලගට ජම්පර රාජිතට..” කියාය.

එම වෙබ් අඩවිය ඒ බව සඳහන් කර ඇත්තේ, හිටපු ඇමති චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහනකට ප්‍රතිචාර ලෙසය.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගේ සටහනේ මෙසේ දැක්වේ.

”අප ඔබ තනි නොකරන්නෙමු..”
”දඩයම ඇරඹුනා පමණකි.
වීරයන් බිහිවන්නේ සතුරන්ගේ තැලුම් වලින් එන පන්නරයෙන් මිස අන් කිසිවකින් නොවේ.
විශේෂත්වය, පාඨලී එහි පළමු බිල්ල වීම පමණි.
ඔහු ප්‍රතිවාදී කදවුරේ මුහවත් අසිපතක් බව දන්නා..
දීන,
නිවටයින්,
ම්ලේච්ච ලෙස තරගයට අවතීර්ණ වී සිටී.
මේ රටේ පහළ ස්ථරයේ සිට ඉහල නැගි පාඨලී වැනි මිනිසෙකු සිරගත කොට පරාජය කිරීමට සිතීම පවා විහිළුවක් වන්නේ ඔහුගේ ශක්තිය අපි හොදින්ම දන්නා නිසාය.
මේ අත් අඩංගුවට ගැනීම පාඨලීව තවත් ඔසවා තැබීමක් බව බලයෙන් අන්ධ වුනු මිනිසුන්ට තේරෙන්නේ නැත.
අනෙක මේ පලිගැනීම තුල කියවෙන වටිනාම කාරණාවානම් දේශපාලනය තුල පාඨලී කෙතරම් ප්‍රබල මිනිසෙකුද යන්නයි.
කිව ඇත්තේ එකකි.
විශිෂ්ට සටන් සගයාණනි..
අප ඔබ තනි නොකරන්නෙමු..
ජයග්‍රහණයට වඩා ඔබ පරාජයේදී අප සමග සිටි විශිෂ්ටයෙකි.
එබැවින්..
රටේ ප්‍රගතිශීලී ජන පවුර ඔබ වෙනුවෙන් බලමුළු ගන්වා යහපත් රටක ඔබගේ සිහිනය වෙනුවෙන් අපි සටන් කරනෙමු.”
මම රාජිත සේනාරත්න
theleader.lk